සමගි ජන බලවේගයේ ගම්පහ නායකත්වයේ අභියෝගය භාරගන්නවා

සමගි බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නායක හිටපු නියෝජ්‍ය අමාත්‍යඑඩ්වඩ් ගුණසේකර කියයි!!

අපි මෙම බලවේගය තුලින් ප්‍රතිවාදීන්ට ගම්පහ හොද සටනක් දෙනවා අද ජනතාව තේරුම් ගෙන තියෙනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා 69 ලක්ෂයක් ජනතාව අපිට විරුද්ධව සිටින කොට අපිට ලක්ෂ 55 හිටියා ඒ ජනතාවට අපි පැහැදිලි නායකත්වයක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ඒ ජනතාවට නායකත්වය දෙනවා

අපි දේශපාලනයට අවේ මුදල් හම්බ කරන්න නොවෙයි අපේ ඉඩකඩම් විකුණලා තමයි දේශපාලනය කලේ ඒක ගම්පහ මිනිස්සු දන්නවා එඩ්වඩ් හොරෙක් දුෂිතයෙක් නොවෙයි කියලා මිනිස්සු කියනවා හැබැයි මට හරියට ජනතාවට සේවය කරන්න පුළුවන් තනතුරක් ලැබුණේ නැහැ ආණ්ඩුවේ අවසාන කාලයේදී ලැබුණු තනතුරින් උපරිම සේවයක් කළා

අද අලුත් දේශපාලන ගමනක් ආරම්භ කරලා තියෙන්නේ එදා 1993 දී මා දේශපාලනයට එනකොට තිබුණු වටපිටාව නෙවෙයි දැන් තියෙන්නේ අපි දේශපාලනය ආරම්භ කලේ එදා පොදුපෙරමුනේ භීෂණය සමගයි ඒ භීෂණයට උත්තර දීපූ එකෙන් බැට කාපු එඩ්වඩ් ගුණසේකර තමයි අද දේශපාලනයේ තවමත් ජීවමානව ඉන්නේ අපේ අඩුපාඩු ඇති හැබැයි මිනිස්සු මරපු නැති දේපොළ හොරා කාපු නැති මිනිහෙක් විදියට තවමත් ජනතාව ඉදිරියට යන්න පුළුවන් වීම ගැන සතුටු වෙනවා

දැන් ගොඩක් අය කියන කථාවක් තමයි එඩ්වඩ් ආණ්ඩුවේ ඉදලා මොනවද කලේ කියලා ඒක එඩ්වඩ් ගේ වැරැද්ද නොවෙයි එක මුළු ආණ්ඩුවේම වැරැද්ද නැතිනම් පසුගිය මැතිවරණ වලදී එඩ්වඩ් විතරක් නොවෙයි ආණ්ඩුවම පරාදයි අපේ යහපාලන ආණ්ඩුවේ තිබුණු වැරදි වැඩියෙන්ම ගියේ ගමේ මිනිස්සු සමග ඉන්න අපි වගේ පොඩි මිනිසුන් සමග ජනතාව ආණ්ඩුවට බනින වට වැඩිය බැන්නේ අපිට ඒක ජනතාවගේ හැටි අපි තේරුම් ගන්න ඕන අඩුපාඩු තිබුණු බව

දැන් බලන්න එදා 2015 දී මහින්ද මහත්තයා ඇතුළු කණ්ඩායම පැරදුණේ ඔවුන්ගේ අඩු පාඩු නිසා ඒ වුණාට වසර හතරකින් බලයට පැමිණියේ කොහොමද කියල බලන්න අපි ජනතාවට අන්දන්න යන්නේ නැහැ හැබැයි තේරුම් ගන්න අපි වැඩ කළා ප්‍රදර්ශනය කලේ නැහැ එදා බදු මිළ සහ අද බදු මිළ බලන්න ආර්ථිකය දිහා බලන්න එදා ඩොලරය රුපියලකින් වැඩි වෙනකොට අද ආණ්ඩුවට කඩේ යන මාධ්‍ය ආයතන බ්‍රේකින් නිව්ස් ගැහුවා අද ඩොලරය කීයද

අපේ කලේ කොරෝනා ආවනම් අද මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම හන්දි ගානේ රටම ගිනි තියලා අපි විපක්ෂයක් විදියට ඒ කුහක දේශපාලනය කරන්නේ නැහැ එදා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ රටේ මුස්ලිම් විරෝධය හැදුවේ කව්ද මිනුවන්ගොඩ කඩ ගිණි තිබ්බේ කව්ද මේවා බලන්න කියලා අපි ජනතාවට ආරාධනය කරනවා

දැන් පසුගිය අතීතයේ අපේ වැරදි සොයන්න ගියාට කමක් නැහැ හැබැයි විවේචනය සාධාරණව කරන්න අපි සුදානම් ඒ වැරදි නිවැරදි කරගෙන අලුත් ගමනක් යන්න එන්න අපි සමගි ජන බලවේගය සමග එම ගමන යමු සජිත් ප්‍රේමදාස ලක්ෂ 55 ක ජන වරමේ හිමි කරුවා ඔහු තමයි මීලග අගමැති වෙන්න හොදම සහ සුදුසුම කෙනා අද ජනතාව තේරුම් ගනිමින් සිටිනවා කරන්න ඕන මොකද්ද කියලා

ඩී එස් සේනානායක ,විජයපාල මෙන්ඩිස් ,සරත්චන්ද්‍ර රාජකරුණා ,අනුර බණ්ඩාරනායක,කරු ජයසූරිය වගේ දේශපාලන නායකයන් ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ කදවුරට එදා නායකත්වය දුන්නා අද එම නායකත්වය මට දෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා පොඩි තැනකින් පටන්ගෙන මටත් ගම්පහට දේශපාල නායකත්වය දීමට අවස්ථාව දීපූ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු නායකයන්ට ස්තුතිවන්ත වෙනවා මගේ දේශපාලන නායකත්වය යටතේ ගම්පහ අසන දහතුනේ දේශපාන නායකත්වයන් සමගින් එළඹෙන මැතිවරණයේදී සමගි ජන බලවේගය ඉහළින්ම ඔසවා තබන්න ගම්පහ දිසාවේ සිය නෑවේ මිනිසුන්ට ආරාධනය කරනවා

මා ඔය මිටියාවතේ සරු සාර කෙත්වතු මැදින් කර්කශ දේශපාලනය තුලින් ගමේ සමාජයේ මිනිසුන්ගේ යහගුණ දැක්ම පෙරටු කරගත් දේශපාලන නායකයා වශයෙන් නව ගමනක් වෙනුවෙන් ගම්පහ දිසාවේ පිරිසිදු දේශපාලන ගමනකට තමන් සමග එකතුවන ලෙස හිටපු නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා ආරාධනය කරයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය යටතේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායමේ නායකත්වය තමන්ට ලබා දී ඇති බව සදහන් කරයි

1993 සිට නොකිලිටි දේශපාලනය ආරම්භ කල තමන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වසර තිහකට ආසන්න කාලයක් දේශපාලනය කල බවත් තමන් ගමපහ වර්තමානයේ සිටින ජේෂ්ඨතම දේශපාලකයා බවත් සදහන් කරයි ගමේ මිනිහගේ දුක සැප බෙදාගනිමින් දේශපාලනයේ නිරතව සිටි දේශපාලකයෙකු වශයෙන් මේ ලැබුණු නව තනතුර තුලින් ගම්පහ දිසාවේ ජනතාවට දේශපාන නායකත්වය ලබාදීමට ලැබුණු අවස්ථාව මග නොහැර මේ මොහොතේ ලක්ෂ 55 ක ජනවරම ශක්තිමත් කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගය ඉහලින් ඔසවා තබන්නට ආසන දහතුනටම නායකත්වය දෙමින් ඉදිරි දේශපාලන ගමන ආරම්භ කරන බවද සදහන් කරන ලදී

තමන් ගම්පහ දිස්ත්‍රික්කයේ එජාපයේ ජේෂ්ඨ මන්ත්‍රීවරයෙකු වශයෙන් වසර ගණනක් ජනතාවගේ ශක්තියෙන් දේශපාලනය කලද තමන්ට තනතුරක් ලැබුණේ ආණ්ඩුවේ අවසන් වසර තුළදී බව සදහන් කරන ලදී තමන්ට ලැබුණු එම තනතුරින් කල හැකි සියලු කටයුතු කල බවත් සමගි ජන බලවේගයේ දිස්ත්‍රික් නායකත්වය තුලින් තම දේශපාලන ගමනට විශාල ශක්තියක් ලැබුණු බවත් ඒ සදහා හොද කණ්ඩායමක් තමන් සමග සිටින බවත් සදහන් කරන ලදී

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය වශයෙන් තරග කිරීමේ තීරණය උඩ ගම්පහ දිසාවේ එජාප නායකයන් රැසක් මෙවර මැතිවරණයේදී ඉදිරිපත් නොවීමට කටයුතු කිරීම තුල එම බලවේගයට නායකත්වය ලබාදීම සදහා ඊළගට ගම්පහ දිසාවේ ජේෂ්ඨ මන්ත්‍රීවරයා වශයෙන් සිටින එඩ්වඩ් ගුණසේකර මහතාවෙත අවස්ථාව ලැබී ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *