සභා වාහන හා සේවකයින් යොදා භාණ්ඩ විකුණු දිවුලපිටිය සභාපති නන්දසේන සකලසූරිය ට වැඩ වරදී –සභාපති ධුරයෙන් ඉවතට

සභා වාහන හා සේවකයින් යොදා භාණ්ඩ විකුණු දිවුලපිටිය සභාපති නන්දසේන සකලසූරිය ට වැඩ වරදී –සභාපති ධුරයෙන් ඉවතට

වැඩිමිලට ප්‍රාදේශීය සභාවේ වාහන සේවකයින් යොදාගෙන පාරිභෝගික භාණ්ඩ විකුණුම් දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති නන්දසේන සකලසූරිය මහතා එම තනතුරින් තාවකාලිකව ඉවත්කර තිබෙනවා. උප සභාපති ඉන්දික ජයසිංහ මහතා දිවුලපිටිය නව සභාපති ලෙස පත් කර ඇත

කොවිඩි 19 අවදානම හේතුවෙන් ඇඳිරි නීති කාල සීමාවේ දිවුලපිටිය ප්‍රාදේශීය සභාවෙි මගින් සභාපති නන්දසේන සකලසූරිය මහතා විසින් ප්‍රාදේශීය සභාවේ වාහන හා සේවකයින් යොදා ගනිමින් වැඩි මිලට භාණ්ඩ විකිණීම පිළිබඳව ජනතා පැමිණිලි ගම්පහ පාරිභෝගික අධිකාරි කාර්යාලය ලැබුණි. පැමිණිලි වලට අනුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබීය
භාණ්ඩ වැඩි මිලට විකිණීම සහ පාරිභෝගික භාණ්ඩ විකිණීමට පළාත් පාලන ආයතනයකට බලයක් නොමැති බව ප්‍රකාශ කරමින් පාරිභෝගික අධිකාරිය මගින් දිවුලපිටිය ප්‍රාදේශීය සභාපතිවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කෙරිණි

මේ සම්බන්ධව පාරිභෝගික අධිකාරිය බස්නාහිර ආණ්ඩුකාර වරයාට අදාළ කරුණු සඳහන් කරමින් ලිඛිතව දන්වන ලදී බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එතෙක් සභාපති ලෙස කටයුතු කරන නන්දසිරි සකලසූරිය මහතාගේ ධූරය තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කර ඇත

එම පරීක්ෂණය අවසන් වනතුරු උප සභාපති ලෙස කටයුතු කරන ඉන්දික ජයසිංහ මහතා සභාපති ලෙස පත් කර ඇත

දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති නන්දසේන සකලසූරිය මහතා විසින් මෙසේ ජනතාව අපහසුතාවයට පත් කිරීම හා නීතිවිරෝධී අයුරින් කටයුතු කිරීම සම්බන්ධව දිවුලපිටිය ‍ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක හිටපු නිවාස ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාද දැඩි විරෝධය පළ කර ඇත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුද සභාපතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව පසුගියදා මාධ්‍ය හමුවක්ද පවත්වා ප්‍රකාශ කර තිබුණේ සභාපතිවරයා විසින් සිදුකරන ලද මෙම නීති විරෝධී කටයුත්තට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *