සදුදා ඇදිරි නීතිය ඉවතට..?

සදුදා ඇදිරි නීතිය ඉවතට..?

බස්නාහිර පළාතේ දැනට පනවා ඇති ඇඳිරි නීතිය එළඹෙන සදුදා දිනයෙන් පසු ඉවත් කිරීමට වැඩි ඉඩකඩක් ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

රට විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා පැහැදිලිව උපදෙස් දී ඇතැයිද ඔහු කියා සිටියේය.

සඳුදා පෙරවරු 5 වන විට ඇඳිරි නීතිය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන් බව ද ඔහු සඳහන් කළේ ය.

දිගටම ඇදිරි නීතිය පවත්වාගෙන යාමට ජනාධිපතිතුමා බලාපොරොත්තු නොවන බවද ඔහු පැවසීය.

අද පෙරවරුයේ දෙරණ නාලිකාව සමග එක්වෙමින් ඔහු මේ බව සදහන් කලේය.

මෙවර පැතිරෙන වෛරසය ඉතා භයානක එකක බවත් මුව ආවරණ පවා වැරදියට පැලද සිටියොත් වෛරසය ශරීරගත විය හැකි බවත් ඔහු එහිදී කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *