සතුන්ට දැමු විදුලි කම්බියේ පැටළුණු කාන්තාවන් දෙදෙනාගේ සිරුරු සගවලා

ජායාරූප සහ සටහන කෑගල්ල සමන් විජය බණ්ඩාර
නීතී විරෝධි ලෙස සතුන්ට දැමු විදුලි කම්බියේ පැටලි මිය ගිය කාන්තාවන් දෙදෙනාගේ මළ සිරුරු නීතියෙන් ගැලවිමට කැලෑවක සැගවු පුද්ගලයෙක් සැකපිට හෙම්මාතගම අඹදෙනිය ප්‍රදේශයේදි අත්අඩංගුට ගැනිමට හෙම්මාතගම පොලිසිය අද 04 කටයුතු කර තිබුණි.
පොලිසිය සැක පහල කරන අකාරයට දින හතරකට පෙර විදුලි සැර වැදි මෙම කාන්තාවන් දෙදෙනා මිය ගිය බවටයි. මෙසේ මිය ගොස් ඇත්තේ අඹදෙනිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 67 ක් වන අවිවාහක කාන්තාව සහ 36 හැවිරිදි කාන්තාවකි. විදුලි සැරවැදිමෙන් පසුව එම විදුලි රැහැන් නිතී විරෝධි ලෙස එලන ලද පුද්ගලයා විසින් තමා විසින් එලන ලද විදුලි කම්බියට මිය ගිය කාන්තාවන් දෙදෙනාගේ සිරුරු ඒ ආසන්නයේ කැලෑ බද ප්‍රදේශයක සගවා ඇත. පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන එම මළසිරුරු සෙයා ගන්නා අවස්ථාවේදි මළ සිරුරු කුණු වි බොහෝමයක්ම විනාශ වි ගොස් ඇති බවද පොලිසිය පවසයි. පොලිසිය සැකපහල කරන අකාරයට 30 වැනිදා මෙම විදුලි සැර මෙම කාන්තාවන් දෙදෙනාට වැදි ඇති බව සැක පහල කරයි.
කෙසේ වෙතත් මිය ගිය අයගේ ඥාතියෙකු වන ඊ.වි. චමින්ද කුමාර මහතා අදහස් දක්වමින් මිය තම ඥාතීන් පිළිබඳව මෙසේ පැවසිය.
මේ මිය ගිහින් ඉන්නේ මාගේ බිරිඳගේ පුංචි අම්මා සහ තවත් පුංචි අම්මෙක්ගේ දුවක්. මොන දේයක් කරන්න ගිහින් විදුලි සැර වැදුනාද කෙසේ මිය ගියාද කියලා අපි දන්නේ නැහැ. පුංචි අම්මා විට කනවා පුවක්වත් ඇහිදින්න ගිහින් විදුලි සැර වැදි මිය ගියාද කියලා දන්නේ නැහැ. මිය ගිහින් ඉන්න 36 හැවිදිරි දුව රැකියාවක් කරනවා කුලියාපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ස්ථානයක එදා නිවාඩු ඇවිත් හිටියේ. මිය ගිය ඔය පුංචි අම්මා විවාහ වේලා හිටියේ නම් නැහැ.
මේ නැතිවිච්ච පුංචි සහ අපේ නැන්දම්මා එකට එක නිවසේ තමයි ඉන්නේ. මේ දුව නිවාඩු ආපු නිසා නැන්දම්මා ඒ ගමට ආසන්නයේ තිඛෙන අපේ අරකොටවැල්ලේ නිවසට ගිහින් හිටියේ අපිට හිතෙන විදිහට මේ දේ වේලා තියෙන්නේ 30 වැනිදා රෑ. ඔක්තොම්බර් 01 වැනිදා අපේ නැන්දම්මා අපේ නිවසේ ඉදන් ආවා පුංචි අම්මාගේ ගෙදර ඒ ආපු වේලාවේ නිවසේ දොරවල් වහලා ලයිට් දාලා තිබුණාලූ.
නැන්දම්මා ගෙදර කවුරුත් නැති නිසා පැයක් දෙකක් බලාගෙන ඉදලා නැවත මාගේ ගෙදරට ආවා ඊට පස්සේ අපිත් ගිහින් සෙව්වා සොයා ගන්න බැරි වුනා. කරගන්නම දෙයක් නැති නිසා මාගේ බිරිඳ විසින් හෙම්මාතගම පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කලා.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන හෙම්මාතගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතා අප කල විමසිමකදි පැවසුයේ අනවරසරයෙන් නිතී විරෝධි අයුරින් මෙම විදුලි කම්බි අදින ලද විවාහක පුද්ගලයා නිතීයෙන් ගැලවිමට මිය ගිය කාන්තා මළ සිරුරු මෙලෙස ලදු කැලෑවල සගවන්නට ඇති බවයි. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පොලිසිය විසින් විමර්ශන කටයුතු සිදු කරන බවද කිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *