සංචාරක සහන පැකේජය සුදානම්

සංචාරක සහන පැකේජය සුදානම්

සංචාරක සහන පැකේජය ලබාදීමේ දී මතුව ඇති ප්‍රායෝගික ගැටළු වලට කඩිනම් විසදුම්

  • ඇමති ප්‍රසන්න රණතුංග

සංචාරක කේෂ්ත්‍රයේ නියතු වූවන්ට සහන සැලසීමේ රජයේ සහන පැකේජය ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ දැනටමත් මේ පිලිබඳව අමාත්‍යාංශ ලේකම්වරයාට හා අදාල නිලධාරියාට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවයි.

කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් සංචාරක කේෂ්ත්‍රයේ නියතු වූවන්ට විශේෂ සහන පැකේජයක් පහුගිය කාලයේදී කැබිනට් මණ්ඩලයේදී අනුමත විය. ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන්ට එක්වරක් පමණක් රු.20,000ක දීමනාවක් ලබාදීමටත් අධිකාරියේ ලියාපදිංචි රියදුරන්ට එක්වරක් පමණක් රු.15,000ක දීමනාවක් ගෙවීමටත් මෙම සහන පැකේජය යටතේ අනුමත වී තිබුණි. එහෙත් පහුගිය මැතිවරණ සමයේදී මැතිවරණ කොමසාරිස්වරයා මෙම දීමනාව ගෙවීමට සීමා පණවා තිබුණි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා නැවත සංචාරක ඇමතිවරයා ලෙස දිවුරුම් දීමත් සමග මැතිවරණය අවසන් බැවින් මැතිවරණ කොමසාරිස්ගේ සීමා වලංගු නොවන නිසා අදාල දීමනාව නියමිත පරිදි සිදුකරන ලෙස අමාත්‍යාංශ නිලධාරීන් උපදෙස් දුන්නේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙම සහන පැකේජ යටතේ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති සංචාරක මාර්ගෝපදේශකයන් 1802 කු රු.20,000ක දීමනාව දැනටමත් ලබාගෙන ඇති බවයි. ඊට අමතරව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක රියදුරන් 76 දෙනෙකු සඳහා රු.15,000ක දීමනාව ලබා දී තිබේ.

මෙම දීමනාව ගෙවීමේ කටයුතු ද ඉදිරි මාසයක කාලය තුල අවසන් කරන ලෙස අදාල අංශ වලට උපදෙස් ලබාදුන් බවද ඇමතිවරයා කීවේය.
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල් හා සංචාරක නියෝජිත ආයතන, ලියාපදිංචි සංචාරක නිකේතන, අවන්හල් වැනි ආයතන වල සේවික සේවිකාවන්ගේ වැටුප් ගෙවීම සඳහා 4%ක සහන පොළියකට ණය මුදලක් ලබාදීමේ කටයුතු ද කඩිනම් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ හා මහබැංකුවේ නියෝජිතයන්ට දැනුම් දුන් බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි .ඔහු කීවේ මහ බැංකු අධිපතිවරයා සමඟ සාකච්ඡා කර මෙම ණය මුදල ලබාදීම කඩිනම් කිරීමට පියවර ගත් බවයි. ඒ අනුව ඉතා කඩිනමින් මෙම ණය මුදල එම කේෂ්ත්‍ර වල නියුතුවූවන්ට ලබා දීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා සඳහන් කරයි. එමෙන්ම එම සහන පැකේජයේ වර්තමාන ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටද අපේක්ෂා කරන බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *