: ශ‍්‍රී ලාංකිකයන් ගෙන්වීමට නව ක‍්‍රමයක්

: ශ‍්‍රී ලාංකිකයන් ගෙන්වීමට නව ක‍්‍රමයක්

කොවිඞ් 19 වසංගතය ව්‍යාප්තිය හමුවේ අතරමංව සිටින හෝ විවිධ දුෂ්කරතාවන් ට මුහුණපා සිටින විදේශගත ශ‍්‍රී ලාංකිකයන් සිය රට ගෙන්වා ගැනීම සඳහා නව ක‍්‍රමයක් සැකසේ.

අද (27 * දින පැවැත්වෙන සාකච්ඡුාවකදී මේ නව වැඩපිළිවෙළ තීරණය කරනු ලැබේ. විදේශගත ශ‍්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ජූනි මස ගුවන් ගමන් මේ නව ක‍්‍රමය අනුව සැලසුම් කෙරේ.

වසංගතයේ ගෝලීය ව්‍යාප්තිය නිසා පීඩාවට පත් එතෙර වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් සිය රට ගෙන්වා ගැනීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් පසුගිය ජනවාරී මාසයේ දී ආරම්භ විය.

මේ අනුව චීනයේ වුහාන් නගරයේ විසූ සිසුන් ඇතුළු ශ‍්‍රී ලාංකිකයෝ 33 දෙනෙක් පෙබරවාරි 01 වැනිදා දිවයිනට පැමිණියහ. නිරෝධායනයෙන් පසු ඔව්හු නිවෙස් බලා ගියහ. වන්දනාවේ ගොස් ඉන්දියාවේ නගර කිහිපයක සිර වී සිටි ශ‍්‍රී ලාංකිකයෝ 839 දෙනෙක් මාර්තු 19 වැනිදා සිය රට ළඟා වූහ.

ඉකුත් මැයි 25 වැනිදා වන විට රටවල් 20ක සිට මෙසේ ගෙන්වා ගත් පිරිස 5485 දෙනෙකි. ඔවුන්ගෙන් 4826 දෙනෙක්ම විදේශ සබඳතා අමාත්‍යාංශය හා විදේශයන්හි ශ‍්‍රී ලංකා ¥ත මණ්ඩල එක්ව හඳුනාගත් අය වූහ. පී සී ආර් පරීක්ෂණවලින් පසු ඔවුන් අතරින් කොරෝනා ආසාදිතයන් ලෙස නිගමනය වූයේ 05 නෙකු නැතහොත් 0.01% ක් පමණි.

එසේ වුවද පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සිට පැමිණි 197 දෙනාගෙන් 22ක් ආසාදිතයන් බව නිගමනය කෙරිණ. කුවේට් සිට පැමිණි 462 දෙනාගෙන් දැනට 150ක් පීසීආර් පරීක්ෂණයට ලක් කර ඇති අතර 96 දෙනෙක්ම කොරෝනා රෝගීන් ලෙස හඳුනාගනු ලැබූහ. තවත් 300කට වැඩි පිරිසක් පරීක්ෂණයට භාජන කළයුතුව තිබේ.

කුවේට්හි සිට සිය රට ආ සියලූ‍ දෙනාම පාහේ විවිධ හේතු නිසා එරට රැඳවුම් ස්ථානවල හෝ පිටුවහල් කිරීමේ කඳවුරුවල සිටි අය වෙති. ආසාදිතයන් ලෙස හඳුනාගත් අයට ප‍්‍රතිකාර කිරීමද අවශ්‍යතාවකි. මේ පසුබිම මත එතෙර වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් යළි ගෙන්වා ගැනීමේ ක‍්‍රමවේදය සංශෝධනය කිරීමට තීරණය විය. ගෙන්වා නොගතහොත් ඔවුනට අත්වන ඉරණම මානුෂීය දෘෂ්ටියකින් බලා ඔවුන් ගෙන්වා ගැනීම ඉදිරියටත් සිදු කිරීමට රජය තීරණය කර ඇත.

නව ක‍්‍රමවේදය සකස් කිරීම පිණිස අද පැවැත්වෙන සාකච්ඡුාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජනාධිපති කාර්යාලයේ විදේශ සබඳතා අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ, විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර යන මහත්ම මහත්මීහූ සහභාගී වෙති.

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *