ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය තනිව තරග කිරිමෙන් එ.ජා.ප ය අමාරැවෙි වැටෙයිද???

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය තනිව තරග කිරිමෙන් එ.ජා.ප ය අමාරැවෙි වැටෙයිද???

ඉදිරි මැතිවරණය සදහා තම පක්‍ෂය තරග කරනු ලබන්නේ ස්වාධීනව තනි පක්‍සයක් ලෙස බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස්යේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.

තම පක්‍ෂයේ සහෝගය දෙනු ලබන්නේ කුමන පක්‍ෂයකටදැයි තීරණය කරන්නේ මැතිවරණයෙන් පසු තත්වය සලකමින් බවත් ඔහු කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ මක්කම වන්දනාවේ ගොස් ආපසු මෙරටට පැමිණීමෙන් පසු ගුවන් තොටුපළේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

මේ තත්වය මත එ.ජා.ප ය ඉදිරි මැතිවරණයේදී තවත් දුෂ්කර තත්වයට ඇද වැටෙන අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මුස්ලිම් කොංග‍්‍රසය එජපෙ යටතේ තරග කරමින් වුවද ලබා ගත්තේ 32%ක ප‍්‍රතිශතයක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *