ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියා ටෙස්ට්තරගය අලුත්ම ක්‍රීඩාංගණයක

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය සඳහා අලුත්ම ක්‍රීඩාංගණයක් භාවිතා කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. දෙවැනි තරගය පැවැත්වීමට නියමිත මනුකා ඕවල් පිටියේ මේ දක්වා ටෙස්ට් තරගයක් පවත්වා නැති අතර වසර 26 කාලයක් පුරා එහි පවත්වා ඇත්තේ එක්දින අන්තර්ජාතික තරග 9 ක් පමණි. 

තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු ටෙස්ට් තරගය බ්‍රිස්බේන්හි  ‘ගැබා’ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එය දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ. දෙවැනි තරගය කැන්බරාහි ‘මනුකා ඕවල්’ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *