ශ්‍රී ලංකාව යලි පිටුපසට ගමන් කරයි ???? ඉන්දියාවට කඩුලු 6 ක ජයක්

ශ්‍රී ලංකාව යලි පිටුපසට ගමන් කරයි ????
ඉන්දියාවට කඩුලු 6 ක ජයක්

නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟය කඩුලු 6 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 19 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 152 ක් රැස් කිරීමට සමත් විය.

ලකුණු 153 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මනීෂ් පාන්ඩේ නොදැවී ලකුණු 42 ක් ලබා ගත් අතර දිනේෂ් කාර්තික් ලකුණු 39 ක් රැස් කිරීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *