ශ්‍රී ලංකාවේ 72 වන ජාතික දිනය සැමරීමේ උත්සවයක් පෙබරවාරි 09 වන දින ඉතාලියේ මිලානෝ වලදි

ශ්‍රී ලංකාවේ 72 වන ජාතික දිනය සැමරීමේ උත්සවයක් පෙබරවාරි 09 වන දින
ඉතාලියේ මිලානෝ වලදි

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් එක්ව ශ්‍රී ලංකාවේ හැත්තෑ දෙවන ජාතික දිනය සැමරීමේ උත්සවයක් ඉතාලියේ මිලානෝ නගරයේ දී පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇත නිදහස් සැමරුම් උත්සවය පෙබරවාරි 09 වන දින පැවැත්වෙන අතර ඒ සඳහා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් එක් වනු ඇත, එහිදී ශ්‍රී ලාංකික දරු දැරියන් ඇතුළු පිරිස් විසින් ලංකාවේ ජාතික සංස්කෘතික වටිනාකමින් යුත් ගීත ගායනා කිරීම,වෙිදිකා ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මේ සම්බන්ධව උත්සවයේ කැඳවුම්කරු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සහ නිෂ්පාදකවරයකු වන නිසාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේ 2015 වසරේ සිට අඛණ්ඩව මෙම නිදහස් දින සැමරුම ඉතාලියේ මිලානෝ නුවර ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා දරු දැරියන් ඇතුළු දහසකට ආසන්න පිරිසක් එක්වනු ඇති බවයි.

ඉතාලියේ ප්‍රධාන සංඝනායක මාපලගම විපුලසිරි හිමි ගේ අනුශාසකත්වයෙන් උත්සවය සංවිධානය කර ඇති අතර ප්‍රචාරක කටයුතු සුමිත් අනුර රුද්‍රිගු මහතා විසින් සිදු කරනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *