කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1370 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද(27) වනවිට 1370 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

යාපනයේ වඩිච්චිමලෙයි නාවික කඳවුරෙහි සිටි සෙබළුන් 51දෙනෙකු ආසාදිතයන් බව හඳුනාගැනීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් තිබේ.

විදේශයන්හි සිට පැමිණි කිසිවකු අද දිනයේදී ආසාදිතයන් බව හඳුනාගෙන නොමැත.

මේ වනවිට ආසාදිතයෝ 628 ක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවෙති.

723දෙනෙකු සුවය ලබා පිටව ගොසිනි.

කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 10කි.

ලංකාදිප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *