ශ්‍රීලනිප ප්‍රතිසංවිධාන කටයුතු දින 45න් අවසන් කරනවා – ජනපති

ශ්‍රීලනිප ප්‍රතිසංවිධාන කටයුතු දින 45න් අවසන් කරනවා – ජනපති

දින 45 ක්‌ ඇතුළත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සියලු ප්‍රති සංවිධාන වැඩකටයුතු අවසන් කරන බවත් ඒ සඳහා තාවකාලික නිලධාරි මණ්‌ඩලයක්‌ පත්කරගත් බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ ඊයේ (03 දා) පැවැති ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව හා සමස්‌ත ලංකා කාරක සභාව අවසානයේ මාධ්‍ය හමුවේ ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

පක්‍ෂයේ සමස්‌ත ලංකා කාරක සභාව, විධායක සභාව රැස්‌වුණා. පක්‍ෂයේ ප්‍රතිසංවිධාන වැඩ සිදු කරන්න තාවකාලික නිලධාරි මණ්‌ඩලයක්‌ පත් කර ගත්තා. තාවකාලික නිලධාරි මණ්‌ඩලය දවස්‌ 45 ක්‌, වැඩිම වුණොත් මාස එකහමාරක්‌ පමණයි. එම කාලය තුළ ප්‍රතිසංවිධාන වැඩ අවසන් කරනවා.

දුමින්ද දිසානායක හිටපු මහලේකම්තුමා නිලධාරි මණ්‌ඩලය විසුරුවා හැරීමේ ප්‍රකාශය හා ඉල්ලා අස්‌වීමේ යෝජනාව ඉදිරිපත් කළා. මේ සමගම මම එය ස්‌ථීර කළා.

අලුත් ලේකම්වරයා ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතාව අපි පත්කර ගත්තා. මේ තාවකාලික නිලධාරි මණ්‌ඩලය පත් කර ගත්තේ කිසිම බෙදීමක්‌ නැතිව අපි හැමෝම එකතුවෙලා ඒකමතිකවයි. ඊට දුමින්ද දිසානායක ඇමැතිතුමන්ලා වගේම එස්‌. බී. දිසානායක ඇමැතිතුමන්ලා සියලු දෙනා සහාය දැක්‌වූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *