ශ්‍රීලනිපය සහ ඒකාබද්ධයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරු අතර පුංචි ඡන්දයට සාකච්ඡාවක් හෙට

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රීලනිපයත්, ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප කණ්ඩායමත් එක්ව තරග කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සාකච්චාවක්  හෙට (03දා) පැවැත්වීමට නියමිතය.

හෙට (03දා) ජනාධිපති නිල නිවෙසේදී පැවැත්වීමට නියමිත සාකච්ඡා සඳහා ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා විසින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලිපි යොමු කොට තිබු අතර ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විසින් කොන්දේසි හතක් ඇතුලත් ලිපියක් අද පෙරවරුවේ  ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා වෙත යවා තිබුණා.

කෙසේ වෙතත්  සාකච්ඡා නොපවත්වන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දැඩි ලෙස විරෝධය පළ කරන බවට විවිධ  ආරංචි මාර්ග පල වී තිබුන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඊට සම්බන්ධ වන්නේ නම් තමන් ඊට සහභාගි නොවන බවද අදාල ආරංචි මාර්ග වල දක්නට ලැබුණා.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තනි තීරණ ගන්නට නොහැකි බවයි සම කැබිනට් ප්‍රකාශක ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා  ඒ පිලිබඳ අදහස්ස දක්වමින් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *