වෛද්‍ය පීඨයට යාමට සිටි සිසුවා යතුර පැැදියද ගිනිගෙන අනතුරින් මරැට

වෛද්‍ය පීඨයට යාමට සිටි සිසුවා යතුර පැැදියද ගිනිගෙන අනතුරින් මරැට

සූරියවැව-කිරිඉබ්බන්ආර මාර්ගයේ සෙවනගල ප්‍රදේශයේදී අත්ට්‍රැක්ටර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී මෙන් යතුරුපැදිය පැදවු තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සෙවනගල පොලීසය පවසයි.

ඊයේ(12) සවස 6.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

සූරියවැව දෙස සිය කිරිඉබ්බන්ආර දෙසට ගමන් ගත් අත් ට්‍රැක්ටරයක් එක්වරම මාර්ගයේ අනෙක් පසට ධාවනය කිරීමේ දී කිරිබ්බන්ආර දෙස සිට සූරියවැව දෙසට අධික වේගයෙන් ගමන් කළ යතුරුපැදියක් මෙලෙස මුහුණට මුහුණ ගැටී තිබේ.

අත්ට්‍රැක්ටර් රථයේ රියදුරු දකුණු පසින් රථය ධාවනය කළ ඇති අතර මාර්ගයේ නිවැරදි දෙසින් ගමන් කළ යතුරුපැදියේ රියදුරු ඉදිරියෙන් ගමන් කළ ත්‍රීරෝද රථය ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව අසළ තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණි.

අනතුරෙන් යතුරුපැදිකරු එම ස්ථනයේදීම මියගොස් ඇති අතර ඔහු පැදවු යතුරුපැදියද ගිනි ගෙන විනාශ වී තිබේ.

මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ සෙවනගල, රන්වැලිගල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි ගිහාන් නුවන් ලක්ෂාන් නැමති තරුණයෙකි.

අදාළ අනතුරෙන් මිය ගිය තරුණයා මෙවර වෛද්‍ය පීඨයට සඳහා තෙරුණ සිසුවෙක් බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරික්ෂණ සෙවනගල පොලීසිය මඟින් සිදු කරයි.

අද දෛරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *