වේයන්ගොඩ ගම්මාන තුනක් වසා දමයි

වේයන්ගොඩ ගම්මාන තුනක් වසා දමයි

පුද්ගලයින් 37 දෙදෙනෙකු කොරෝනා රෝග ආසාදිතයින් බව තහවුරුවීම මත අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් මාලිගාතැන්න , කූරිකොටුව සහ එලුවාපිටිය යන ග්‍රාමයෙන් තුන වසා දමමින් අධි ආරක්ෂක කලාපයක් බවට පත්කිරීමට පියවර ගත් බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.

මේ අනුව එම ප්‍රදේශයන්ගෙන් ඇතුල්වීම සහ පිටවීම තහනම් කොට ඇති බවත් එම ප්‍රදේශයන්ට පිටත්තර කිසිවෙකුටත් පැමිණීමට නොහැකි වන ලෙසින් මාර්ග බාධක යෙදීමට ආරක්ෂක අංශ අවශ්‍ය පියවර ගෙන ඇති බවත් දිසාපතිවරයා සදහන් කළේය.

මාලිගාතැන්න, කූරිකොටුව සහ එලුවාපිටිය යන ප්‍රදේශයන්හි ග්‍රාම නිලධාරී වසම් 7 ක් මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇති බැවින් එම ප්‍රදේශයන්හි වෙසෙන පවුල් 3688 කට අයත් සාමාජිකයන් 12,600 ක් පමණ වන පිරිසකගේ අවශ්‍යතා සපුරාලීමට අදාල ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පළාත් පාලන ආයතන මගින් පියවර ගනිමින් සිටින බවත් දිසාපතිවරයා පැවසීය.

එලුවාපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිවරුන් සිව් නමකට සහ ගිහි පුද්ගලයෙකුටද වෛරසය ආසාදනය වී ඇතිබව තහවුරු වී ඇති අතර එම විහාරස්ථානයේ දී පහ වසර ශිෂ්‍යත්වයට පෙනී සිටි සිසු දරුවන් පිරිසක් වෙනුවෙන් බෝධි පූජාවක් පවත්වා ඇති බවක්ද දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *