වෙසක් පුන් පොහෝදා සූදු කෙළියේ යෙදුණු 16 ක් අත්අඩංගුවට
වෙසක් පුන් පොහෝදා සූදු කෙළියේ යෙදුණු 16 ක් අත්අඩංගුවට
වෙසක් පුන් පොහෝදා රාත්රීයේ 29 වෙසක් පහන් දල්වාගේන ගාල්ල අක්මීමන කැටැන්දොළ නිවසක මිදුලේ මුදල් ඔට්ටුවට තබමින් මහා පරිමාණයෙන් සූදු කෙළියේ යෙදී සිටිය බැව් කියන පුද්ගලයින් 16 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලීසිය කියයි. පොලීසිය පවසන්නේ මෙලෙස අත්අඩංගුවට ගත් වැඩි පිරිසක් වෘත්තීය සූදු ක්රිඩාවේ යෙදෙන අය බවයි. මේ අයගේ රැස්සාව සුදුක්රීඩාව මගින් මුදල් ඉපයීමයි.අත් අඩංගුවට පත් සැකකරුවන් පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඔවුන් ගාල්ල අධිකරණයට 01 දින ඉදිරිපත් කිරීමට නියමිතය.