වෙසක් දිනය සූර් කරන්න ගිය අයට වැඩ වරදී

වෙසක් සතියේ  විකිණීමට සූදානම් කර තිබූ මත්පැන්

දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් වෙසක් පොහෝදා (29) සිදුකරන විශේෂ වැටලීම්වලදී ගාල්ල කරාපිටිය වැලිපත ප්‍රදේශයේදී මත්පැන් තොගයක් අත්අඩංගුවට ගත්  අතර  ගාල්ල උළුවිටිගේ ප්‍රදේශයේ  දී කසිප්පු පෙරීමේ ස්කාගාරයක් වටලා නීති විරෝධී මත්පැන් සහ පෙරීමට උපයෝගී කර ගන්නා උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගන්නා ලදී.

වෙසක් පොහොය දිනයේ සහ වෙසක් සතියේ  විකිණීමට සූදානම් කර තිබූ මත්පැන් බෝතල් තොගය වැලිපත ස්ථාන දෙකක දී උපාය දූතයකු යොදවා මත්පැන් මිලදී ගන්නා අවස්ථාවේ දී අත්අඩංගුවට ගැනීමට දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමත්වූ අතර එහි දී මත්පැන් බොතල් 52ක් පුද්ගලයන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගන්නා ලදී.

මීට අමතරව වෙසක් පොහොය දිනයේදී ගාල්ල උළුවිටිගේ ප්‍රදේශයේ  දීද කසිප්පු පෙරීමේ ස්කාගාරයක් වටලා කසිප්පු පෙරීමේ නියුතුව සිටි පුද්ගලයෙකු සහ රුපියල් එක් ලක්ෂ විසිපන් දහසක් වටිනා නීති විරෝධී ස්ප්‍රිත්තු සහ පෙරීමට ගන්නා උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගැනීමට ඔවුන් සමත්විය.මෙහිදී බැරල් තුනක්, දඟර 02ක් ,ස්ප්‍රිතු කෑන් 02ක්, ස්ප්‍රිතු  මිලි ලීටර් 15000ක්, ගෝඩා  මිලි ලීටර් හය ලක්ෂයක් ද  අත්අඩංගුවට ගන්නා ලදී.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් ආර්. සේමසිංහ, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් එන් වන්සූරිය, දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්ද්‍රසිරි සිල්වා, ගාල්ල සුරාබදු අධිකාරී සුනිල් ශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති කීර්ති ආරියපාල මහතාගේ ඍජු අධීක්ෂණය හා ‍මෙහෙයවීම යටතේ සුරාබදු පරීක්ෂකවරුන් වන ටී.එල්.පී. මෙන්ඩිස්, එස්.කේ.වෙත්තසිංහ, එල්.ඒ.පී.මංජුල, හා සුරාබදු නිලධාරීන් වන උපුල් එදිරිවීර, විරාජ් හේමපාල, රුවන් රත්නසේකර, යෝෂන් මධුසංක, කේ ඒ සී මධුෂාන් යන නිලධාරීන් මෙම වැටලීම  සදහා සහභාගි වුහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *