වෙන්ටිලේටර් (ventilator )නැමැති කෘතිම ශ්වසන යන්ත්‍ර මෙරට ඉංජිනේරුවරයෙක් නිර්මාණය කරයි

අධික මිලක් ගෙවා විදේශයෙන් ආනයනය කරන අධික මිලක් ගෙවා විදේශයෙන් ආනයනය කරන වෙන්ටිලේටර් (ventilator )නැමැති කෘතිම ශ්වසන යන්ත්‍ර මෙරට ඉංජිනේරුවරයෙක් නිර්මාණය කරයි

මෙම උපකරණය නිෂ්පාදනය කර ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් යාන්ත්‍රික ඉන්ජිනේරු උපාධිය හැදෑරූ බුද්ධික මාරසිංහ මහතා ය. ඔහු විසින් මෙරට කර්මාන්ත ශාලාවලට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කර දෙනු ලබන අතර ඒ සඳහා බියගම හා ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ කර්මාන්ත ශාලා දෙකක් ද ආරම්භ කර තිබෙන දක්ෂ ව්‍යවසායෙකි.

මෙරට රෝහල්වලට ඒවා රැගෙන ඒමට සිදු වී ඇත්තේ විදේශ රටවලිනි. ඒ සඳහා විශාල මුදලක් විදේශ රටවලට ගෙවීමට සිදුවී ඇත. කොරෝනා අවදානම තිබෙන අවස්ථාවක එම යන්ත්‍රවලට විශාල ඉල්ලුමක් ඇති වී ඇත. මෙම ඉල්ලුම නිසා විදේශ රටවලින් ආනයනය කිරීමට නොහැකි තත්වයක් උදාවී තිබේ.කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ලොවපුරා වෛද්‍ය සැපයුම්වල දැඩි හිඟයක් නිර්මාණයවී ඇත. අත්වැසුම්, මුඛ ආවරණ, පෞද්ගලික ආරක්ෂණ මෙවලම්, පරීක්ෂණ කට්ටල යනාදියේ දැවැන්ත හිඟයක් නිර්මාණයවී තිබේ. මේ තත්ත්වය ලොවපුරා දක්නට ලැබේ.

කොරෝනා වයිරසය පෙනහලුවලට බලපාන රෝගයක් වන අතර දරුණුම අවස්ථාවලදී ඉන් සිදුවිය හැකි හානිය ඉතා විශාලය. කොරෝනා රෝගීන්ට ස්වසන ආධාර කිරීම සඳහා අවශ්‍ය කෘත්‍රිම ස්වසන යන්ත්‍රවල (වෙන්ටිලේටර්ස්) දැඩි හිඟයක් ඇතිවී තිබේ. මේ හිඟය මෙරටට පමණක් නොව ලොව විශාලතම ආර්ථිකය හිමි ලෝක බලවතා වන ඇමෙරිකාවට ද දැනී තිබේ.

එවැනි පසුබිමක බුද්ධික මාරසිංහ ඔහුගේ තාක්ෂණය භාවිතා කර කාර්යමණ්ඩලයේ සහයෝගයෙන් විදේශීය ගෙන්වනු ලබන යන්ත්‍ර ප්‍රමිතියෙන් මෙරට නිෂ්පාදිත උපකරන භාවිතා කර එය නිර්මාණය කර කිරීමට හැකිවී ඇත. ඒ සඳහා භාවිත කර ඇත්තේ ඔහු විසින් නිෂ්පාදිත උපකරණ හා මෙරට වෛද්‍ය උපකරණ නිෂ්පාදනය කරනු ලබන ආයතනවල නිෂ්පාදිත දේශීය උපකරණ යි. ඒ සඳහා වැයවී ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක්. එමෙන්ම එය වැඩිදියුණු කර සතර දෙනෙකුට භාවිතා කිරීමට හැකි ventilater යන්ත්‍ර නිපදවීමට හැකි බව ඔහු ප්‍රකාශ කරයි. කර්මාන්තශාලාවේ කාර්යමණ්ඩලය යොදවා මසකට පන්සියයක් දාහක් අතර ප්‍රමාණයක් නිපද විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

නිෂ්පාදිත ventilator යන්ත්‍රය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට යොමුකර ඇති අතර පිළිබඳව එම වෛද්‍යවරුන් පරීක්ෂණ මගින් තහවුරු කිරීමට නියමිතව ඇත.

LANKAABCNEWS.COM වෙබ් අඩවිය ඔහුට සුබ පතන අතර ඔහු මීට පෙර නිර්මාණය කරන රොබෝ යන්ත්‍ර ඇතුළු රටට වැදගත් නිර්මාණ ඔබ හමුවට ඉදිරිපත් කිරීමට අප සූදානම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *