වෙදආරච්චි ශ්‍රී ලංකාව වසර 35000 ක් පසුපසට ගෙනයයි .
වෙදආරච්චි ශ්‍රී ලංකාව වසර 35000 ක් පසුපසට ගෙනයයි .
හිටපු රාජ්‍ය ඇමති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අමු මාළු කා දැමීමේ සිද්ධිය දේශීයව මෙන්ම විදේශයන් වලද මහත් කැලඹීමක් ඇති කළා . විශේෂයෙන් විදෙස් මාධ්‍ය මෙම සිද්ධිය දකින්නේ ශ්‍රී ලාංකිකයන් තවමත් වසර 35000 කට පෙර සිටි වනචාරී යුගයේ ජීවත් වන බවයි . විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙය ප්‍රචාය කිරීමත් සමග ඔවුන්ගේ විදේශීය මිතුරන් මහත් කුතුහලයෙන් මේ පිලිබඳ විමසා තිබුනා . ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයේ සිටියදී තමන්ට සතියකින් කොරෝනා සුව වූ බව ප්‍රකාශ කරමින් මුඛ ආවරණය පවා ගලවා විසි කළා . ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සැසදීමේදී වෙදආරච්චි කූඹියෙක් වුවද ජාත්‍යන්තරය පිළිගන්නේ ඔහු ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙකු ලෙසයි . දින 53 ආණ්ඩුව පිහිටවූ කාලයේ පාර්ලිමේන්තුවේ ඇනකොටාගත් අවස්ථාවේ දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා සරම ඔසවා අන් අයට පෙන්වීමේ සිද්ධියද මහත් ආන්දෝලනයක් ඇති කළා .