වෙඩි තබාගැනීමකින් දෙදෙනකු මරුට
වෙඩි තබාගැනීමකින් දෙදෙනකු මරුට
යටියන්තොට හල්ගොල්ල ප්‍රදේශයේ උඩගිල්ම වත්තේ දී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයෙක් එම ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ එම වත්තේ මුරකරුගේ පුතා බව පොලිසිය කියයි.
සියදිවි නසාගත් පුද්ගලයා මෙම වත්තේ විවාහක කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔවුන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම සිද්ධිය වී ඇති බව පොලිසිය කියයි.
වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය වතු හිමිකරුට අයත් එකක් බවත් ඔහු ) නිවසේ සිට නැති බවත් සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවැසීය.
ලංකාදිප