විසඳුම් පිළිගන්න බෑ-SAITM එපා කියා සිසු දෙමාපියන් 5ක් මරණයට සැරසෙයි!

විසඳුම් පිළිගන්න බෑ-SAITM එපා කියා සිසු දෙමාපියන් 5ක් මරණයට සැරසෙයි!

වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මෙහෙයවීමෙන් දෙමාපියන් 05 දෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

අද පස්වරුවේ කොළඹ දන්ත වෛද්‍ය විද්‍යායතනය ඉදිරිපිටදී උපවාසය ආරම්භ කළ බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිමල් කාරුණාසිරි මහතා ප්‍රකාශ කළේය.

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විසඳුම් පිළිනොගන්නා බවත්, එම ආයතනය අහෝසි කළ යුතු බවත් උපවාසකරුවන්ගේ ඉල්ලීම් වෙයි.

මේ අතර අද පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ සයිටම් ආයතනය රජයේ විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් කර වෛද්‍ය විද්‍යාල ආචාර්වරුන් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කළ යුතු බවයි.

මේ අතර සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් පසුගියදා ඉදිරිපත් කළ යෝජනා රජයේ යෝජනා නොවන බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

මේ අතර මාළඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව කමිටුවක් පත් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් මීට පෙර පත් කළ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ එම යෝජනාවලට ඇතුළත් නොවූ කරුණු සොයා බැලීම නව කමිටුව වෙත පවරා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට සෞඛ්‍ය හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිවරයා, උපකුලපතිවරුන් සහ පිඨාධීපතිවරුන් ඇතුළු 09 දෙනෙකු ඇතුළත් වෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය සහ වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංගම්වල නියෝජිතයෙකු නිරීක්ෂණ මට්ටමින් සහභාගී කර ගැනීමට නියමිතය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *