විශ්වාසභංගය දිනවන්න එජාප – ශ්‍රීලනිප මැති ඇමැති සහාය ලැබෙනවා – මහින්ද රාජපක්‍ෂ

විශ්වාසභංගය දිනවන්න එජාප – ශ්‍රීලනිප මැති ඇමැති සහාය ලැබෙනවා – මහින්ද රාජපක්‍ෂ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂයේ මෙන්ම
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැති ඇමැතිවරුන් කණ්‌ඩායමක්‌ පොරොන්දු වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේය.

මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා ඊට අත්සන් තැබීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක්‌ සහ
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඇමැතිවරුන් පිරිසක්‌ එකඟවී සිටින බවද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රාජපක්‍ෂ මහතා මෙසේද කීවේය.

කවුරු මොනවා කිව්වත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරනවා.

සාමාන්‍ය ජනතාව මහත් උනන්දුවෙන් බලා සිටිනවා මේ කටයුත්ත කෙරෙන කල්. අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒම ගැන මහජනතාවගේ උණුසුම් ප්‍රතිචාර අපට ලැබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *