විශ්වාසභංගය ගෙනාවොත් මුළුමනින්ම පරාජය කරනවා —එ.ජා. පෙරමුණේ මන්ත්‍රි කණ්ඩායම

විශ්වාසභංගය ගෙනාවොත් මුළුමනින්ම පරාජය කරනවා —එ.ජා. පෙරමුණේ මන්ත්‍රි කණ්ඩායම

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එය සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රි කණ්ඩායම ඒකමතිකව තීරණය කරනු ලැබීය. එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම මෙම තීරණයට එළැඹියේ කොළඹ අරලියගහ මන්දිරයේදී () රැස්වූ අවස්ථාවේදීය.විශ්වාසභංගය

දිවයිනෙන් දැනට බැහැරව සිටින මන්ත්‍රිවරුන් දසදෙනා හැර අනෙක් සියලුම මන්ත්‍රිවරු කණ්ඩායම් රැස්වීමට සහභාගි වී සිටීම
විශේෂත්වයක් බව ආණ්ඩු පක්ෂ සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය. විශ්වාසභංග යෝජනාව
පාර්ලිමේන්තුවට තවමත් භාරදී නැති නිසා කලබල විය යුතු නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය. විශ්වාසභංග
යෝජනාව භාර දුනහොත් ළඟදී දිනයක් ලබාදී විවාදයට ගෙන පරාජය කළ යුතු බවටද මෙහිදී අදහස් පළ විය. පක්ෂ ප්‍රතිසංවිධානයට අදාළ
යෝජනා මාලාව හෙට (22දා) තිබෙන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවටද මෙහිදී සහතික කෙරිණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *