විශ්වාසභංගට ආණ්ඩුවේ විශාල පිරිසකගේ සහයෝගය
විශ්වාසභංගට ආණ්ඩුවේ විශාල පිරිසකගේ සහයෝගය
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට ආණ්ඩු පක්ෂයේ ද විශාල පිරිසකගේ සහය හිමිව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසයි.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.
කෙසේවෙතත් ඕනෑම විශ්වාසභංග යෝජනාවකට මුහුණදීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේය.