විවිධ අවස්ථාවන්හි නිවසේ භාවිතා කර හැකි ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමේ ඖෂධ වර්ග අටක් නිපදවූ ආයුර්වේද වෛද්‍යවරයා

විවිධ අවස්ථාවන්හි නිවසේ භාවිතා කර හැකි ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමේ ඖෂධ වර්ග අටක් නිපදවූ ආයුර්වේද වෛද්‍යවරයා

කීර්තිමත් හොරිවිල වෙද පරපුරේ වත්මන් නියෝජනය වන ප්‍රසාද් සේනානායක තරුණ වෛද්‍යවරයා මෙරට මෙතෙක් නිෂ්පාදනය නොවූ ඖෂධීය ශාක වර්ග සීයකට අධික සංඛ්‍යාවක් භාවිතා කරමින් covid-19 අවදානමට සාර්ථකව මුහුණදීමට හැකි ප්‍රතිශක්තිකරණ ඖෂධ මාලාවක් නිපදවා තිබෙනවා.

අද covid-19 නිසා මුළු ලෝකයටම දැඩි අවදානමක් උදාවි තිබෙනවා. මේ වන විට මුහුණු ලොවේ කෝටි පහකට අධික ජනතාව මෙම වෛරසයට ගොදුරු වී සිටින අතර ලක්ෂ 13 ක් පමණ ජීවිත අහිමි වී තිබෙනවා. ලොවේ බලවතුන්ට පවා මෙම වෛරසයට සාර්ථකව මුහුණදීමට හැකි එන්නතක් නිෂ්පාදනය කිරීමට නොහැකි වී තිබෙනවා.

එකම විසඳුම ප්‍රතිශක්තීකරණය ඉහළ නංවා ගැනීමයි කලයුත්තේ. ඒකට විසඳුම් අපේ දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සඳහන්. ඒ අනුව යමින් දැනටමත් අපේ රටේ වෛද්‍යවරුන් විවිධ ප්‍රතිශක්ති ඖෂධ නිෂ්පාදනය කර තිබෙනවා .නමුත් මේ ඔබට ප්‍රකාශ කරන්නේ අංගසම්පූර්ණ ප්‍රතිශක්තිකරණ ඖෂධ එකතුවක් ගැනයි. නිවසක සියල්ලටම ආරක්ෂා වීමට හැකි මෙම ප්‍රතිශක්තිකර ඖෂධ ගණනාව කෙටියෙන් මෙසේ සඳහන් කළ හැකිය

එක් ඖෂධයකට පමණක් සීමා නොවී ඖෂධිය ශාක 100කට අධික සංඛ්‍යාවක් භාවිතා කරමින් නිපදවන ලද ඖෂධ වර්ග අටක් මෙම තරුණ යුර්වේද වෛද්‍යවරයා විසින් නිෂ්පාදනය කර තිබෙනවා. ඒ ප්‍රතිශක්තීකරණය ඉහළ නැංවීම සඳහායි. අවශ්‍ය සංයෝග මිශ්‍ර කරමින් නිපදවනලද සබන් වර්ගයක් ; දුම් ඇල්ලීම සඳහා ආරෝග්‍යා දුමි කුඩු ;සමෙි ආලේප කිරීම සඳහා බාම් වර්ගයක්; පානය කිරීම සඳහා පේයාව; ආහාර පිසීම සඳහා ප්‍රතිශක්තිකරණ තුනපහකුඩු ;කැස්ස සඳහා පැණි වර්ගයක් ;සහ තේ පානයක් ලෙස එම ඖෂධ වරග අට නිපදවා තිබෙනවා.

මේ සියල්ලම භාවිතා කිරීමෙන් අති සාර්ථක ප්‍රතිඵල අත් කරගත හැකි බවයි වෛද්‍ය ප්‍රසාද් සේනානායක මහතා ප්‍රකාශ කරන්නේ. කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අතීතයේ පටන් හෙළ රජ දරුවන් පවා සියලු වැදගත් දේ ආරම්භ කළේ රුවන්වැලි මහා සෑයට වැදපූජා කිර ගැනිමෙන් ඒ අනුව යමින් මෙම තරුණ වෛද්‍යවරයා ද පළමුව සිදු කළේ මෙම ආයුර්වේද හා දේශීය ඖෂධ රුවන්වැලි මහා සෑයට පූජා කරවීමයි.

රුවන්වැලි මහා සෑයට ත්‍ය පූජා කිරීමෙන් අනතුරුව මෙම තරුණ වෛද්‍යවරයා විසින් මහා සංඝරත්නයට පූජා කිරීම සංකේතවත් කරමින් රුවන්වමහා චෛත්‍යය විහාරාකාරී නුවර කලාවේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමිට පූජා කළා.

මෙම ඖෂධ අටම අඩංගු මංජුසාවක් ලෙසින් සියලු ජනතාවට ලබා ගැනීමේ පහසුව වෛද්‍ය ප්‍රසාද් සේනානායක මහතා විසින් සලසා දී තිබෙනවා. ඒ සඳහා වැඩි විස්තර මෙම දුරකථන අංක ඔස්සේ ඔබට ලබාගත හැක.

070-4645711
071-1515164

ඖෂධ එළි දැක්වීමේ අවස්ථාව පහත සඳහන් වීඩියෝ නැරඹීමෙන් ඔබට අවබෝධ කර ගත හැක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *