විවාහයට මොහොතකට පෙර මියගිය දියණිය සහ ඇගේ දෙවැනි මනාලියන් හත් දෙනා
විවාහයට මොහොතකට පෙර මියගිය දියණිය සහ ඇගේ දෙවැනි මනාලියන් හත් දෙනා
ඉරානයේදී සිදු වූ තුර්කි ජෙට් යානා අනතුරින් තුර්කි ධන කුවේරයකුගේ දියණියක් හා ඇගේ මිතුරියන් හත් දෙනකු මියගොස් තිබේ.
මෙම ගුවන් යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂාජාහි සිටි තුර්කියේ ඉස්තාන්බුල් දක්වා ගමන් කරද්දී ඉරානයේ සාර්ගෝස් කඳු ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබේ.
තුර්කි ධනකුවේරයකු වන හුසේන් බස්රාන්ගේ දියණිය මීනා බස්රාන් ඇගේ විවාහයට පෙර ඇගේ මිතුරියන් සමග ෂාජා වෙත ගොස් විනෝද වී ආපසු පැමිණෙමින් සිටියදී මෙසේ ඔවුන් ගමන් කළ යානය අනතුරට පත්ව තිබේ. මේ මිතුරියන් හත් දෙනා ඇගේ දෙවැනි මනාලියන්ය. විසි අටහැවිරිදි මීනා බස්රාන් ඇගේ මිතුරියන් සමග ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයේදී ගත් ඡායාරූපයක් මේ වන විට ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව තිබේ.
යානයේ ගමන් කළ ගුවන් නියමුවන් දෙදෙනා හා ගුවන් සේවිකාවද ඇතුළු සියලු දෙනා කාන්තාවන්ය. ජෙට් යානය ගිනිගෙන බිමට වැටුණු බව ඇසින් දුටුවෝ පවසති.