විනාශ වන බූස්ස ආර්ථික මධස්ථානය හදන්නේ කවදා ද? / අවධානය පිණිසයි!

උපාංග බොහොමයක්ම සොරුන් විසින් ගලවාගෙන ගොස්

රජය විශාල මුදලක් වැයකර ඉදිකරන ලද ගාල්ල ආර්ථික මධ්‍යස්ථානය සදහා වූ ගොඩනැගිල්ල කිසිදු ප්‍රයෝජනයක් නොගෙන විනාශ වෙමින් තිබේ. 2001 – 2003 එක්සත් ජාතික පක්ෂ රජය යටතේ එම රජයේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

එම රජයේ වෙළෙද හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ මෙම ගොඩනැගිල්ල සදහා මුදල් වෙන්කර දී තිබේ. මේ වන විට ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී තිබේ. ගොඩනැගිල්ලේ සවිකරන ලද උපාංග බොහොමයක්ම මේ වන විට සොරුන් විසින් ගලවාගෙන ගොස් හෝ එසේත් නොමැති නම් කුමන හෝ ක්‍රමයකින් අතුරුදන් වී තිබේ.

මෙම ගොඩනැගිල්ල සදහා එවකට රුපියල් මිලියන 30 කට අධික මුදලක් වැයකර තිබෙන බව ප්‍රදේශවාසීන් කියති. 2001 – 2003 රජය බිද වැටීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමට නොහැකි වූ බව වත්මන් රජය බලයට පත් වීමට පෙර වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කල බව පවසන ප්‍රදේශවාසීන් එසේ නම් වර්තමානයේ ඒ මහතාටම මෙම ගොඩනැගිල්ල ප්‍රයෝජනවත් කාර්යයකට යෙදවිය හැකි බවද පවසයි. 2001 කාලයේ වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල ඒ මහතා විසින්ම ප්‍රයෝජනවත් කාර්යයකට යොදාගනු ඇතැයිද ප්‍රදේශවාසීන් විශ්වාස කරයි.

වත්මන් රජයේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා මෙම ගොඩනැගිල්ලේ කොටසක් යොදා ගනිමින් සාගර විශ්ව විද්‍යාලයේ පුහුණු පාසැලක් ආරම්භ කිරීමට කටයුතු කර ඇත. මෙ වන විට එයද නිසිපරිදි ක්‍රියාත්මක නොවන බව ප්‍රදේශවාසීන් කියයි.

සාගර විශ්ව විද්‍යාලය විවෘත කරන අවස්ථාවේ චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම අසාර්ථක ගොඩනැගිල්ල බන්ධුල ගුණවර්ධන මහතා විසින් ඉදිකර ඇති බවයි. මෙම ගොඩනැගිල්ල සදහා මුදල් වෙන්කර ඇත්තේ 2001 – 2003 රජයේ වෙළෙද හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් බවත් එවකට එම අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත්තේ වත්මන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  බන්ධුල ගුණවර්ධන මහතා බවත් රත්ගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේය. මෙම ගොඩනැගිල්ල වජිර අබේවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි ඉදිකල බවත් වත්මන් රජයේ අමාත්‍යවරයෙකු ලෙස ගොඩනැගිල්ල ප්‍රයෝජනවත් කාර්යයකට ඒ මහතා විසින්ම යොදාගනු ඇති බවත් එම මන්ත්රී‍වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙසේ විනාශයට පත් වෙමින් තිබෙන ගාල්ල, බූස්ස ප්‍රදේශයේ ආර්ථික

Leave a Reply

Your email address will not be published. Required fields are marked *