විද්‍යාත්මක පදනමකින් වෙනස්‌ වී ඇත්තේ වනජීවිය පමණයි – මහින්ද රාජපක්‍ෂ

විද්‍යාත්මක පදනමකින් වෙනස්‌ වී ඇත්තේ වනජීවිය පමණයි – මහින්ද රාජපක්‍ෂ

ආණ්‌ඩුව පත්වී වසර තුනක කාලයක්‌ වුවත් කැබිනට්‌ මණ්‌ඩල සංශෝධන හතරක්‌ මේ වනවිට සිදුව ඇතැයිද එය මහත් විහිළුවක්‌ බවත්, ඇමැති මණ්‌ඩල සංශෝධනය විද්‍යාත්මකව සිදුකරන බවට නායකයන් ප්‍රකාශ කළද එලෙස විද්‍යාත්මකව සිදුව ඇත්තේ වනජීවී අමාත්‍යාංශය පමණක්‌ යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නාරාහේන්පිට අභයාරාම විහාරස්‌ථානයේ ඊයේ (01 දා) සවස පැවැති ජීවිත පූජා කළ කම්කරු නායකයන් ඇතුළු කම්කරුවන් සිහිකරමින් පැවැති උත්සවයකදී සඳහන් කළේය.

මෙලෙස හතර වරක්‌ ඇමැති මණ්‌ඩල සංශෝධනය තුළින් ආණ්‌ඩුවේ අර්බුදය කුමක්‌ද? යන්න මැනවින් පැහැදිලි බැව් සඳහන් කළ රාජපක්‍ෂ මහතා, මෙලෙස ඇමැති මණ්‌ඩල සංශෝධනය කරන ලෝකයේ වෙනත් රටක්‌ තිබේද? යන්න මහත් ප්‍රශ්නයක්‌ බවත්, ශ්‍රීලනිප මැයි රැලියට අපට ආරාධනා ලැබී නැතැයි ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙසින් ලබන 07 වැනිදා ගාල්ලේදී අප මැයි දින රැලිය පවත්වන බවද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය
දිවයින.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *