විද්‍යාත්මක පදනමකින් විෂයන් බෙදු නව කැබිනට් මණ්ඩලය ලබන සතියේ—ජනාධිපති

විද්‍යාත්මක පදනමකින් විෂයන් බෙදු නව කැබිනට් මණ්ඩලය ලබන සතියේ—ජනාධිපති

විද්‍යාත්මක පදනමක් අනුව විෂයන් බෙදූ නව කැබිනට් මණ්ඩලය ලබන සතියේ නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටි අතරවාරයේ බීබීසී සිංහල සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සංඛ්‍යාව අංකයක් ලෙස දැන්ම ප්‍රකාශ කළ නොහැකි බව ද ජනාධිපතිවරයා මෙහිදි කියා සිටියේය.

අවසාන වශයෙන් තමා ළඟට පැමිණෙන සියලු දෙනා කැබිනට් මණ්ඩලය සඳහා සුදුසු ද නැද්ද යන්න පිළිබඳ සොයා බලන බවත්, එය තමාගේ වගකීමක් වන බවත් ජනාධිපතිවරයා පැවසීය.

සෑම අමාත්‍යාංශයක්ම රට වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද පිළිගැනීමක් ඇති විය යුතු බවත්, එහිදී ඕනෑම අමාත්‍යාංශයක් සතු විෂය පථය පිළිබඳව නිසි අවබෝධයක් පැවතිය යුතු බවත් පැවසු ජනාධිපතිවරයා එසේ නොමැති වීමෙන් නොයෙකුත් අසීරුතාවයන්ට මුහුණ දීමට සිදුවන බව ද කියා සිටියේය.

කිසිවෙකුටත් ජාත්‍යන්තර දේශපාලනය නොසලකා වැඩකටයුතු කළ නොහැකි බවත්, ඒ පිළිබඳ සළකා බලා අමාත්‍යාංශවලට පුද්ගලයින් පත් කර ගත යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *