විජිතපුර පුරාවිද්‍යා භූමියට හානි කිරීම – වගකීම භාර ගන්නවාඃ ඉපලෝගම ගෙවල් හදන්නේ නෑ

විජිතපුර පුරාවිද්‍යා භූමියට හානි කිරීම – වගකීම භාර ගන්නවාඃ ඉපලෝගම ගෙවල් හදන්නේ නෑ

ඉපලෝගම ප්‍රදේශයේ ආරම්භ කළ නිවාස ව්‍යාපෘතියට යාබද ඉඩමේ පිහිටි පුරාවිද්‍යා රක්‌ෂිතයට හානි වීම සම්බන්ධයෙන් වගකීම නිවාස සංවර්ධන අධිකාරිය භාර ගන්නා බව එම අධිකාරියේ සභාපති ලක්‌විජය සාගර පලන්සූරිය මහතා පැවසීය.

නිවාස ව්‍යාපෘතියට අදාළ ඉඩම එළිපෙහෙළි කිරීමට යොදා ගත් බැකෝ යන්ත්‍රය පුරාවිද්‍යා රක්‌ෂිතයට හානි කිරීමටද යොදවා ගෙන ඇති නිසා අධිකාරිය වගකීම භාර ගත යුතු බවද හෙතෙම කීවේය.

ව්‍යාපෘතියට අදාළ ඉඩම එළිකිරීමට පිළිගත් ආකාරයට ලංසු කැඳවා අවම ලංසුව ඉදිරිපත් කළ පුද්ගලයාගෙන් මෙම බැකෝ යන්ත්‍රය හා අනෙකුත් යන්ත්‍ර ලබා ගෙන ඇති බවද පුරාවිද්‍යා රක්‌ෂිතයට හානි කිරීම සම්බන්ධයෙන් පොලිසිය මේ වනවිට පූර්ණ පරීක්‌ෂණ ආරම්භ කර ඇති නිසා සත්‍ය තොරතුරු ඉදිරියේදී අනාවරණය වනුq ඇති බවද ඊයේ (09දා) ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පැවැති මාධ්‍ය හමුවකදී පලන්සූරිය මහතා කීය.

මෙම සිද්ධිය නිසා ඉපලෝගම පුලියන්කුලම පූගොල්ලාගම ප්‍රදේශයේ මෙම ව්‍යාපෘතිය සිදු නොකරන බවද අදාළ නිවාසලාභීන්ට වෙනත් ප්‍රදේශයකින් ඉඩමක්‌ ලබාගෙන නිවාස ඉදිකර ව්‍යාපෘතිය සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.

ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස්‌ මත අධිකාරිය වෙනම පරීක්‌ෂණයක්‌ ආරම්භ කළ බවද ඒ අනුව අනුරාධපුර දිස්‌ත්‍රික්‌ කළමනාකාර හා තාක්‌ෂණික නිලධාරියාගේ වැඩ තහනම් කළ බවද ඉදිරියේදී තවත් නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කරන බවද සභාපතිවරයා පැවසීය.

නිවාස ව්‍යාපෘතිය සඳහා ප්‍රාදේශීය ලේකම්වරිය අක්‌කර 10 ක ඉඩමක්‌ ලබාදුන් බවද ඊට යාබදව මෙම පුරාවිද්‍යාත්මක රක්‌ෂිතය පිහිටා තිබුණු බවද කී පලන්සූරිය මහතා මෙම සිද්ධියෙන් පුරාවිද්‍යා රක්‌ෂිතයේ අක්‌කර භාගයකට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බවට දැනගන්නට ලැබුණු බවද කියා සිටියේය.

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *