වැහි නැති දවසක්
වැහි නැති දවසක්
සමස්තයක් ලෙස අද (18) දිවයිනේ සෑම ප්රදේශයකටම වැසි රහිත කාලගුණ තත්ත්වයකුයි පවතින්නේ. කෙසේ වුවද බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මි. 40 දක්වා තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.