වැලි කතරේ වෙඩි පහරින් මියගිය තිදරු මවගේ කදුළු කථාව

 මන්ද මානසික අමනයකුගේ වෙඩි පහරින් ඝාතනයට ලක්වු

රන් මසුරං සොයන්නට රත්වු වැලි කතරේ ගෘහ සේවයට ඇය ගියාය.නමුත්,ඒ රට දී  මන්ද මානසික අමනයකුගේ වෙඩි පහරින් ඝාතනයට ලක්වු තිදරු අම්මාගේ කඳුළු කතාන්දරය.

තම සොඳුරු කැදැල්ල සකස් කර ගන්නට ගාල්ල අබේසුන්දර වත්ත, කටඹුරාව වත්තේ පදිංචිව සිටි උපුල් හා ප්‍රියංකා  කටයුතු සකස් කරන්ට හිත ගත්තේ මෙයට වසර 10කට පරෙයි. ඒ තමන්ටම කියා නිවසක් සකස් කර ගන්නා වු අහිංසක බලාපොරොත්තුව මල් පල ගන්වන්නටයි.

දැනට වසර 22 කට පෙර විවාහ වි දනට වසර 9කට පෙර රන් මසුරං සොයන්නට සවුදී ගිය මේ අපේ කතාන්දරයේ නායිකාවට ප්‍රියන්තාට සිදුවන්නේ  මන්ද මානිසික රෝගයෙන් පෙළෙන බැව් කියන එරටට පොලිසිය පවසන නරුමයෙක් අතින් වෙඩි කා මිය යන්නටය.

මේය ඇත්තක්ද නැතිද යන්න අපි නොදනිමු. මේ අහිංසක පවුලේ විනාශය කැද වු මේ නරුමයාට ඇත්තටම රෝගයක් මොලේ අමාරුවක් ඇති ද යන්න ඒ රට ආරක්ෂක අංශ වාර්ථා කළ ද අපිට නම් එය පිළිගත හැකිද ?

නමුත්, එය කෙසේ වෙතත් අහිංසක දියණියන් තිදෙනෙකුට ආදර අම්මා අහිමි වූහ.  සෙනෙහිබර හිමියෙකුට සිය බිරිද අහිමි වුහ. මේ නිසා එක් දියණියකයක් විවාහ වී ඇයටද එක් දියනියක් සිටින්නීය. ඒ මේ අකල් මරන‍යට පත්වු ප්‍රියන්තාගේ ලොකු දුවයි. අනෙක් දරුවන් දෙදෙනා තවමත් පාසල් වියේ පසු වේ. වැඩිමහල් දියිණිය වුයේ  වුයේ, චමිලා ආසිරියි.ඇයට වයස අවුරුදු 21 පමණ වන අතර ඇය විවාහ වී සිටින්නීය.ඇයට ද  කුඩා දරුවෙක් සිටිති.අමිතා කේෂාණි දියණිය වයස අවුරුදු 08කි. ඇය ඌරල විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දක්ෂ සිසුවියකි.ඇගේ බාල සහෝදරිය ද, එම විද්‍යාලයේම ඉගෙනුම ලබන්නීය. ඇය නෙත්මි පමෝධ්‍ය නම් වුවාය. ඇය අටවන වියේ පසුවන අතර,ඌරගහ විද්‍යාලයේ 3 වන ශේණියේ ‍ඉගෙනුම ලබමින් සිටින්නීය.

වේඩි තබා ඝාතනය කරන ලද ප්‍රියංකා ජයසේකර මහත්මි‍යගේ ස්වාමි පුරුෂයා වන   ලේල්වල ගුරුගේ උපුල් 48 මෙසේ කියයි.

මගේ බිරිද ප්‍රියන්තා ජයසේකර 38යි.මරා දමු ඒ පාපතරයාට දඩුවම් ලබාදිය යුතුයි. මට අපේ පවුලට වු මේ ව්‍යවසනයට අපට ඒ රටෙන් යම් වන්දියක් මාගේ බිරිදට ලබාදිය යුතුයි. මේ රටේ විදෙස් රැකියා කාර්යංශය හා ඇමතිමැති වරුන් හා අදාළ නිලධාරින් මේ සම්බන්ධයෙන් මැදිහත්ව මට මේ සම්බන්ධයෙන් විසදුමක් සාධාරනයක් ලබාදිය යුතුයි කියලා මම ඉල්ලනවා.මම කුළිවැඩ කරලා තමි ජිවත් උනේ අපිට කියා හොද කළ දවසක් ගෙනියන්න තමයි මගේ බිරිද පිට රට ගියේ අපි දැන් අසරණයි අපිට දැන් කිසිදු පිහිටක් නෑ මමයි මගේ දරැවෝ තුන්දෙනයි තනිකරලා එයා ගියා මරනයත් තවම නෑ මාස ගණනාවක් යාවි කියලා තමයි බලධාරින් කියන්නේ මරණය ලංකාවට ගෙන එන්නට අපි තනි උනා පයැයි විලාප දෙමින් හෙතෙම පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වන හෙතෙම මෙසේ ද කීය.

සත්තකින්ම,  රන් කහවනු ගෙන ඒම සදහා විදේශ ගත වන අපේ රටේ සහෝදර සහෝදරයන්ට සිදු වන ගැහැට ගැන කොතෙකුත් කතා ඇත. ඒවා එසේ වුවද පවතින ආර්ථික තත්වයෙන් ගොඩ ඒම සදහා බෙහෝ දෙනෙකු මෙම මාර්ගය තෝරා ගනිති. කෙසේ නමුත් මේ වන විට මෙම ශ්‍රමිකයන් විදේශ ගත කිරීම විදේශ නියුක්ති කාර්යාශය හරහා තරමක් ක්‍රමවත් වී ඇත. කෙසේ නමුත් විදේශ ගත වන ශ්‍රමිකයන් දස දහස් ගණනක් අතර දුක්කදායි කතාන්දර නැත්තේ නොවේ.

එහි ආසන්නතම සිද්ධිය පසුගිය සෙනසුරාදා සිදු වී තිබිණි. සෞදියේ සේවය කරමින් සිටිය දී සිය හාම්පුතා ගේ පුතාගේ වෙඩි පහරකින් ගාල්ල වදුරඹ කටුබුරාව ප්‍ර දේශයේ පදිංචි 38 හැවිරිදි ප්‍රියංකාජයසේකර නම් තිදරු මවක් වු ගෘහ සේවිකාවක් ඝාතනය වී ඇත. අදාල සේවිකාව සෞදි ආරබියේ බුරේද්හ් හීදී ඝාතනය වී ඇති  බව සෞදි තාතාපති කාර්යාලය සදහන් කොට ඇත. දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම ඝාතනය සිදුකර බව කියන 31 හැවිරිදි ඔහුගේ හාම්පුතා ගේ  පුතා මානසික රෝගයකින් පෙලෙන බවත් දඩයම් කිරීම සදහා යොදා ගන්නා ගිනි අවියකින් මෙසේ ඇයට වෙඩි තබා ඇති බවත් පසුව ඔහු ද වෙඩි තබා ගෙන ඇති බවත් සදහන් වෙයි. මෙම ගෘහ සේවිකාවගේ මරණ පරීක්ෂණය සදහා සෞදියේ අල්රාස් රෝහලට ගෙන ගිය බව ද විදේශ මාධ්‍ය සදහන් කරයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ගාල්ල වදුරඹ කටුබුරාව ප්‍ර දේශයේ පදිංචි ප්‍රියංකා ජයසේකර මහත්මියගේ ඥාතීන් පවසන පරිදි පසුගිය 2017 වර්ෂයේ ඇය විදේශ ගත් වී ඇත්තේ දෙවන වතාවටය. ප්‍රියංකා ට දරුවන් තිදෙනෙකු සිටින අතර එක් දරුවෙකු හදවත් රෝගයකින් පීඩා විදින නිසා එම වෛද්‍ය වියදම් දරා ගැනීමට අපහසු නිසාත් මෙසේ විදේශ ගත වු බව ප්‍රියන්තා ගේ ඥාති සෙහොයුරියක් වන නදීකා ලක්මාලි (27 ) මහත්මිය පැවසුවාය.

ඇය තවදුරටත් පවසන්නේ මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් ඉක්මනින් ම සිදු කර යුතු බවත් මෙවන් මානසික රෝගියෙක් අදාල නිවසේ සිටි බව මීට කලින් සිය සොහොයුරිය සදහන් කර නොමැති බවයි. ඇය වැඩිදුරටත් සදහන් කරේ මෙම දරුවන්ගේ නිවස පවා මේ වන තෙක් සාදා ගැනීමට නොහැකි වී ඇති බවයි. අපි හතර වටේටම ණය තිබුණා ඒ නිසා ම තමයි මේ මගේ නැන්දා රට ගියේ. රට ගියාට පස්සේ මාස කිහිපයකින් තොරුතරක් තිබුණේ නෑ. ඊට පස්සේ අපි විදේශ සේවා එකේ පැමිණිල්ලක් දැම්මා. ඊට පස්සේ හැමදාම ඒජන්සියට ගියා. ඒ ගියහම කියනවා හෙට කතාකරවන්නම් කියලා. හැමදාම කිව්වේ ඔය කතාව තමයි. විදේශ සේවා එකේ පැමිණිල්ලෙන් පසුව මාස තුනක් විතර අපිට සල්ලි එව්වා. කතා කරා. මේ සිද්දිය වෙලා තියෙන්නේ 10 දින. 12 දින අපිට විදේශ අංකයකින් කතා කරලා කියනවා විදේශ සේවා එකට දාපු පැමිණිල්ල අයින් කරන්නලු. එයාලා ඇයි එහෙම කියන්නේ. අපි දන්නේ නෑ මැරිලා ද නැද්ද කියලා. කවුද මේ දරුවන්ට අම්මා දෙන්නේ. අපිට අතන මෙතන ගිහිල්ලා හොයන්න බෑ. මේ ගෙදර ලෙඩෙක් ඉන්නවා. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් මෙහෙම වෙන්න පුළුවන්ද?

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු ප්‍රියංකා ගේ සැමියා වු එල්.ජී. උපුල් මහතා (47)

12 වෙනිදා මට කෝල් එකක් ආවා. රට නම්බරයක් නිසා මම නෝනා කියලා කතා කරා. නෑ මේ නෝනා නෙවෙයි කතා කරන්නේ. විදේශ සේවා එකට දාපු පැමිණිල්ල අයින් කර ගන්න කිව්වා. මම ඇහුවා මොකද කියලා. ඊට පස්සේ කිව්වා අයිත් එක අයින් කරන්න කියලා. මම කිව්වා එකේ මැඩම් එක අයින් කරලා ඇති කියලා. ඊට පස්සේ තිව්වා. එච්චරයි වුනේ. පස්සේ හවස තමයි ආරංචි වුනේ මෙහෙම දෙයක් වෙලා කියලා. එයා රට ගියේ අපේ පවුල ජීවත් කරන්න.

මේ සැරේ ගිය වෙලේ ඉදලම ප්‍රශ්න. දැනට මාස 03 කින් විතර පඩි එව්වෙත් නෑ.

කෙසේ නමුත් රන් කහවනු සොයා එතෙර ගිය ප්‍රියංකා ගේ ජීවිතය ද හාම්පුතෙකුගේ උන්ඩයකින් අවසන් වී ඇත. මේ වන විටත් දේහය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ සිදුවෙමින් පවතියි. කෙසේ නමුත් දැන් ප්‍රියංකා ගේ ජීවිතය නැති වී ඇත. ජීවත්ව සිටින ප්‍රියංකා ගේ දරුවන් වෙනුවෙන් මෙකී වගකිව යුතු ආයතන සහනයක් නම් සැලසිය යුතුමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *