වැලිසර නාවික හමුදාවෙි 4000කට පී.සී.ආර් පරීක්‍ෂණ.

වැලිසර නාවික හමුදාවෙි 4000කට පී.සී.ආර් පරීක්‍ෂණ.

නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කියයි

වැලිසර පිහිටි නාවික හමුදා කඳවුරේ නාවිකයන් හාරදහසකට ආසන්න පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පී.සී.ආර් පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට කටයුතු යොදා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ඊයේ (24 වැනිදා* පැවසීය.

එසේම නිවාඩු මත සිටි නාවිකයන් අතරින් ආසාදිත නාවිකයන් ඇසුරු කිරීම මත හඳුනාගත් නාවිකයන් ද නැවතත් කඳවුරට ගෙන්වා ගෙන තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

සෞඛ්‍යමය හේතූන් මත වැලිසර පිහිටි නාවික හමුදා කඳවුර පරිශ‍්‍රය හුදකලා කිරීමටත් පියවර ගෙන තිබෙන බව කී ඉසුරු සූරියබණ්ඩාර මහතා සෞඛ්‍ය අංශවල මඟපෙන්වීම මත සැලසුම් සහගතව ඉදිරි පියවර ගැනීමට නාවික හමුදාව දැනටමත් කටයුතු කර ඇතැයි ද කීවේය.

නිවාඩු මත සිටි පොලොන්නරුව ප‍්‍රදේශයේ පදිංචි නාවිකයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගම එම නාවිකයා රාජකාරි කළ වැලිසර නාවික හමුදා කඳවුරේ ඔහු සමග ‘නාවිකයන්ගේ නිවාසයේ’ ලැගුම් ගෙන සිටි සහ ඔහු රාජකාරි කළ කාර්යාල පරිශ‍්‍රයේ මෙන්ම ඔහු සමග ගැවසුණු සියලූ පුද්ගලයන් පී.සී.ආර් පරීක්‍ෂාවට ලක් කිරීමට ද කටයුතු යොදා ඇති බවත් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය.

එම නිසා ශ‍්‍රී ලාංකික ජන සමාජය නාවික හමුදාවේ සේවය කරන පුද්ගලයන් පිළිබඳව සෞඛ්‍යමය වශයෙන් අනියත බියක් ඇති කර නොගත යුතු බවත් ඔහු කීවේය. නිවාඩු මත තම නිවාසවල සිටින නාවිකයන් එලෙසම තැබීමටත්, වැලිසර නාවික හමුදා කඳවුරේදී සෞඛ්‍ය පරීක්‍ෂණ පවත්වා පැවැති සියලූ නාවික මෙහෙයුම් නැවත ආරම්භ කිරීමටත් පියවර ගෙන ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

එසේම නිවාඩු මත හෝ රාජකාරිමය හේතූන් මත කඳවුරුවලින් බැහැරව සිටින නාවිකයන්ගේ තොරතුරු නාවික හමුදා මූලස්ථානය සතුව පවතින බවත්, නිවාඩු මත හෝ කඳවුරින් බැහැරව සිටි ඕනෑම පුද්ගලයකු පිළිබඳව තොරතුරු අවශ්‍ය නම් නාවික හමුදා මෙහෙයුම් මැදිරියේ 011-2445368 හෝ 0117192251 යන දුරකථන අංකවලින් ලබාගත හැකි බවත් ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *