වැරදි කරපු අයට එරෙහිව අත ඔසවන්න පසුබට වෙන්නේ නැහැ -අමාත්‍ය චන්දිම

අතිගරු ජනාධිපති තුමා පැහැදිලිවම කිව්වා දූෂිත ආණ්ඩුවක ඉන්නෙත් නෑ දූෂිත ආණ්ඩු හදන්නත් සුදානම් නෑ කියල

වීඩියෝ සහිතයි

අතිගරු ජනාධිපති තුමා පැහැදිලිවම කිව්වා දූෂිත ආණ්ඩුවක ඉන්නෙත් නෑ දූෂිත ආණ්ඩු හදන්නත් සුදානම් නෑ කියල. මම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකළේ සඟ වෙද ගුරු ගොවි කම්කරු කියන පංච මහා බලවේග එකතු කරලා .මේ රටේ පොදු මිනිසුන් ශක්තිමත් කරන්න මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි කියන සටන් පාඨය මුල් කරගෙන . මිනිසාට සේවය කිරීම පැත්තකට දාලා මිනිස්කමට නිගා දෙන ලෙස අයෙක් කටයුතු කරලා තියෙනවනම් ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ මොන තනනතුරු දැරුවත් ඉතිහාසයේ පළමුවන වතාවට ඉන්න ආණ්ඩුව තුලම ක්‍රියාත්මක වීම ආරම්බ වෙලා තියෙනවා .අපි කාටවත් බයෙන් ඔලුව නමාගෙන ඉන්න සුදානම් නෑ වැරද්දක් කරලා තියෙනවානම් වැරැද්ද කරපු කෙනාට එරෙහිව වැරැද්දට වැරදියි කියලා අත උස්සන්න තමුන්නාන්සේලාගේ චන්දයෙන් පත්වූ මම කිසිවිටක පසුබට වෙන්නේ නැති බව පැහැදිලිව කියන්න ඕන .

අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා මේ අදහස් පලකලේ අද ගාල්ලේ පවතී උත්සවයකදීය.

ගාලු දිස්ත්‍රික්කයේ පෙර පාසල් පාලිකාවන් සඳහා NVQ සහතික පිරිනැමීම සඳහා ගාල්ල හෝල් ද ගෝල් ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.අපගේ අනාගත දරු පරපුර මව්වරුන් මෙන් රැකබලා ගන්නා සුදුසුකම් සහිත මෙරටේ සියලු පෙර පාලිකාවන් සඳහානොමිළයේ NVQ සහතික ලබා දෙන බවද අමාත්‍ය වරයා වැඩිදුරටත් පැවසුවේය .
මීට පෙර මෙම සහතික ලබා ගැනීම සඳහා විශාල මුදලක් අය කිරීම සිදුවිය .

වීඩියෝව මෙතනින් https://youtu.be/Ur10a4bGtww

Leave a Reply

Your email address will not be published. Required fields are marked *