වැඩි සද්ද බද්දයක් නැති වුණාට, මගේ වැඩ කොටස සහ වගකීම් අඩු නැතුව ඉටු කරල තියෙනවා–ඩුලිප් විජේසේකර

වැඩි සද්ද බද්දයක් නැති වුණාට, මගේ වැඩ කොටස සහ වගකීම් අඩු නැතුව ඉටු කරල තියෙනවා–ඩුලිප් විජේසේකර

1948 සිටමමේ රටේ ජනතාව නිල්, රතු, කොල කියලා බෙදිලා සුදු කෙලියා දරුවන්ගේ ජීවිත සහ ඉරණම උගසට තියලා. ඒ නිසා අපට දැන් රට ගැන රටේ ඉරණම ගැන කල්පනා කරන්න සිද්ධ වෙලා තියෙනවා. අගෝස්තු 5 කියන්නේ ඓතිහාසික වැදගත් දිනයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩුලිප් විජේසේකර මහතා සඳහන් කරයි. ඔහු මෙම අදහස් පළ කළේ බියගම ප්‍රදේශයේ පෙරපාසල් ගුරුවරියන් දැනුවත් කිරීමේ උත්සවයකදීය.

විජේසේකර මහතා මෙසේ මෙසේ ද කියා සිටියේය.

බියගමට කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් හිටියේ නෑ. 2009 දී මම දේශපාලනයට සම්බන්ධ වුණා. නියෝජ්‍ය අමාත්‍ය ධූරයකුත් ලැබුණා. 2010 – 2015 කාලය තුළ මට බියගම වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරන්න පුළුවන් වුණා.

දැන් මෙතැන රැස්වෙලා ඉන්න පෙර පාසල් ගුරුතුමියනුත් අපත් සමග සම්බන්ධවෙලා වැඩ කටයුතු කරගෙන ගියා. රජයෙන් මෙන්ම ප්‍රාදේශීය සභාවෙනුත් කළ හැකි බොහෝ දේවල් අපි කරදුන්නා. නමුත් ඒ වැඩ පිළිවෙල 2015 න් පස්සෙ නැවැතුන බවත් ඔබ දන්නවා.

ලෝකයම අක්‍රිය කළ කොරෝනා වසංගතය නිසා පෙර පාසල් අධ්‍යාපනයටත් බාධා සිද්ධ වුණා. ඒ කරදරය නිමා වී ගෙන යන අතරේ දැන් ඔබ බලාගෙන ඉන්නේ කවදද පෙර පාසල යළි පටන් ගන්නට පුළුවන් වෙන්නේ කියලයි. බලවත් රටවල් පවා කොරෝනා නිසා අසරණ වූ හැටි අපි දුටුවා. නමුත් පුංචි රටක් වුණත් අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් නිවැරැදි තීන්දු තීරණ නිසා අපට පුළුවන් වුණා ඒ වසංගතය පාලනය කරන්න.

අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා පහේ ශිෂ්‍යත්වය ආදි විභාගවලට ප්‍රමුඛත්වය දීලා ඒ කටයුතුත් පටන් ගෙන තිබෙනවා. ඒ වගේම රට ඉදිරියට ගෙන ගෙන යාමට පුළුවන් වුණත්, මැතිවරණයක් පැවැත්වීම අවශ්‍යයි. අණ පනත් සම්මත කර ගන්නට තිබෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුවේ බලය අවශ්‍යයි. පහුගිය ආණ්ඩුවේ විපක්ෂය බලවත්වයි තිබුණෙ. ඒ නිසා ගෝඨාභය ජනාධිපතිතුමාට අලුත් පාර්ලිමේන්තු කණ්ඩායමක් අවශ්‍ය වෙලා තිබෙනවා. එතුමා බලයට පත්වෙලා මේ මාස කීපය තුල ගත් තීන්දු තීරණ ඉතාම නිවැරදියි. රටේ සුභ සාධනය හා දේශිය කර්මාන්ත පිළිබඳව වුණත් එතුමාගේ පුතිපත්ති ජනතාවාදීයි. ඒ නිසා ජනතාවට දැන් රටේ අනාගතය ගැන බලාපොරොත්තුවක් තිබෙනවා.

නොවැම්බර් 16 දා මේ රටේ සිංහල බොදු කිතුනු ජනතාව ලබා දුන් ඓතිහාසික තීන්දුවේ ප්‍රතිඵල දැන් රටට ලැබෙමින් පවතිනවා. ඒ වාගේම එළැඹෙන අගෝස්තු 5 කියන්නෙත් මේ රටේ ඉරණම තීන්දු කෙරෙන දිනයක් බවට පත් වෙනවා. එදාට ඔබ ගසන කතිරයත් ඓතිහාසික කතිරයක් බවට පත්වෙනවා.

රටම ආදරය කරන මහින්ද රාජපක්ෂ ජනනායකයා තනි නොකර යළිත් මේ රටේ නායකත්වයට ගෙන ඒමට අවශ්‍යයි කියන මතයේ සිට පුසන්න රණතුංග මහතා දුන් නායකත්වයට බියගම ආසනය ජනතාවත් උපරිම ශක්තිය ලබා දිය යුතු වෙනවා. ගියවරට වඩා මෙවර වැඩි මනාප සංඛ්‍යාව කින් ජයග්‍රහණය කරන්න ඕනෑ. එ් නිසා අංක 14 ටත්, මගේ අංකය වන 4 ටත් සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලනවා.

මම ඉතින් වැඩි සද්ද බද්දයක් නැති වුණාට, මගේ වැඩ කොටස සහ වගකීම් අඩු නැතුව ඉටු කරල තියෙනවා. අපි සෑම මැතිවරණයකදීම පුතිශතයක් හැටියට ගම්පහ දිස්තික්කයේ ඉදිරියෙන් ඉන්නවා. 2009 සිට ජනතාවගේත්, පක්ෂයේ ශාඛා සමිති වල නිලධාරීන්ගේ හා සාමාජිකයන්ගේත් සහයෝගය නොඅඩුව ලැබුන නිසා තමයි ඒ ජයග්‍රහණ සියල්ල ලැබුනේ.

රටේ උපනුපන් දරු පරපුරේ උරුමය සුරකින්නටත්, ඔවුන්ට සුරක්ෂිත රටක් නිර්මාණය කරන්නටත් ගෝඨාභය ජනාධිපතිතුමාත්, අපත් දරන උත්සාහයට බුද්ධිමත්ව දායකවන ලෙස අපි බොහොම ගෞරවයෙන් ආයාචනය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *