වාහන නැවැතුමි අවුලක් නිසා ගාල්ල කරාපිටිය රෝහලලේ වෛද්‍යවරු අසනීපවේ.

වාහන නැවැතුමි අවුලක් නිසා ගාල්ල කරාපිටිය රෝහලලේ වෛද්‍යවරු අසනීපවේ.

ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් දෙපිරිසක් අතර වාහන නැවැත්වීම සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් හේතුවෙන් 10 දින උදෑසන සිට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් සිය සේවාවලින් ඉවත් ව ඇත. වෛද්‍යවරුන් ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු සිය රාජකාරීවලින් තාවකාලිකව ඉවත් වී සිටින බව ගාල්ල කරාපිටිය රෝහලේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය මංජුල සොයිසා මහතා මේ සම්බන්ධයෙන් විමසීමේ දී පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වු වෛද්‍ය මංජුල සොයිසා මහතා,

අද උදේ 7.55 ට පමණ වෛද්‍යවරුන් කීප දෙනෙක් රෝහල පිටුපස ඇති වාහන නැවතුමේ සිය වාහනය ගාල් කිරීමට ගිය අවස්ථාවේ දී විශේසඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා සහ තවත් විශේසඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු පැමිණ අදාළ වෛද්‍යවරයාට තර්ජනය කර තිබෙනවා. ඔහු වාහනය නැවැත්වු පසු ඔහුගේ රියදුරු අසුන අසල දොර විවෘර්ත කර මේ ස්ථානයේ වාහන නැවැත්විය හැක්කේ විශේසඥ වෛද්‍යවරුන්ට පමණක් බවත් වහාම මෙයින් පිටවන ලෙසත් තර්ජනය කර දොර වේගයෙන් වසා තිබෙනවා. ඒ අනුව අදාල වෛද්‍යවරයා මේ සම්බන්ධයෙන් මා දැනුවත් කරා. පසුව ඔහු එතනින් පැමිණ වෙනත් ස්ථානයක වාහනයක ගාල් කර රෝහල තුලට පැමිණියා. මේ ආකාරයෙන් වෛද්‍යවරුන් කීපදෙනෙකුටම මෙම විශේසඥ වෛද්‍යවරුන් තිදෙනා තර්ජනය කර තියනවා. මේ සම්බන්ධයෙන් අපි පොලිසියේ පැමිණිල්ලක් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ තත්ත්වය උඩ අපිට රාජකාරී කරන්න බෑ. යහපත් මානසිකත්වයකින් රාජකාඑරී කිරීමට නොහැකි නිසා අපි 10 දින උදෑසන සිට රාජකාරීවලින් ඉවත් වී සිටිනවා. මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂකවරයාත් දැනුවත් කර තියෙන්නේ. ඉක්මනින් මෙම වෛද්‍යවරුන් ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු හදිසි ශෛල්‍යකර්ම පමණක් සිදුකරමින් රාජකාරීවලින් ඉවත් වී සිටීමට අපි තීරණය කර තියනවා. එසේම මෙම සංඛේත වැඩ වර්ජනය 10 දින සවස 4.00 දක්වා ක්‍රියාත්මක කිරීමටත් පසුව හෙට 11 දින නැවත රැස් වී මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගයන් ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේ නමුත් අප මේ සම්බන්ධයෙන් විමසීමට ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂකවරයා හා නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සම්බන්ධකර ගැනීමට උත්සාහ කර ද එය අසාර්ථක විය.

3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *