වාර්තා ගත ලෙස රැපියල පහල බසි–161 ද පසු කරයි

වාර්තා ගත ලෙස රැපියල පහල බසි–161 ද පසු කරයි

රුපියලට සාපේක්‍ෂව ඩොලරය දිගින් දිගටම ඉහළ යනු ඇතැයි වෙළෙඳ පොළ ආරංචිමාර්ග පවසයි.

ඊයේ (18 දා) වන විට මෙරට ඉතිහාසයේ ඩොලරයේ ඉහළම අගය වාර්තා කරමින් රුපියල් 161 ද පසු කළේය.

ඇමරිකා එක්‌සත් ජනපදය විසින් එරට පොලී අනුපාත ඉහළ දැමීම නිසාත් එරට ආර්ථික ස්‌ථාවරත්වයන් නිසා අනෙක්‌ රටවල ආයෝජනය කර තිබූ ආයෝජකයින් විශාල වශයෙන් ඇමරිකා එක්‌සත් ජනපදය වෙත ඇදෙන්නට පටන් ගෙන තිබේ.

මේ නිසා ශ්‍රී ලංකාව වැනි රටවල ආයෝජනවලින් විදේශිකයන් ඉවත්ව යාම ආරම්භ වී තිබේ. මේ නිසා ඩොලරයේ අගය ඉහළයාම දිගටම සිදුවනු ඇතැයි වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ හේතුවෙන් විදෙස්‌ රටවලින් ගෙන එන සියලු භාණ්‌ඩවල මිල ඉහළ යාම සිදුවන බව වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *