වසා දැමුනු ප්‍රදේශ (lockdown areas) නිරීක්ෂණය සදහා යුද හමුදාව ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනි

වසා දැමුනු ප්‍රදේශ (lockdown areas) නිරීක්ෂණය සදහා යුද හමුදාව ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනි

ශ්‍රී ලංකා යුද හමුදාවේ පරිහරණය පිණිස අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේ දී CameraLK ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ මහතා විසින් යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ඩ්‍රෝන කැමරා ප්‍රදානයක් සිදු කරනු ලැබීය.

මෙම අවස්ථාවට ජානිපෙ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ද එක්ව සිටියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් හා පැවති සාකච්ඡාවකදී කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමේ දී වසා දැමුනු ප්‍රදේශ (lockdown areas) නිරීක්ෂණය සදහා යුද හමුදාව ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ බවත් ඒ අනුව මෙරට කීර්තිමත් තරුණ ව්‍යවසායකයකු වන CameraLK ආයතනයේ අධිපති අනුෂ්ක ගුණසිංහ මහතා⁣ගෙන් ඒ සදහා මැදිහත් වෙන ලෙස තමන් කළ ඉල්ලීම අනුව මෙම ඩ්‍රෝන කැමරා ප්‍රදානය සිදු වූ බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එසේම අද මෙම කැමරා ප්‍රදානයෙන් පසුව පැවති සාකච්ඡාවක දී යුද හමුදාපතිතුමන්, ඉදිරියේදී යුද හමුදාව තුළ ඩ්‍රෝන රෙජිමේන්තුවක් ආරම්භ කිරීම පිළිබදව කරුණු ඉදිරිපත් කළ බවත් ඒ අනුව එම කටයුතු සදහා පහසුකම් සැපයීමට තම ආයතනය බාරගත් බවත් මෙම ඩ්‍රෝන කැමරා ප්‍රදානය සිදු කළ අනුෂ්ක ගුණසිංහ මහතා සදහන් කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *