වර්ෂ 1055 දී පළමුවන විජයබාහු රජුගෙන් පසු ගමිපහදි තුලා බරට දාන පුජාව

වර්ෂ 1055 දී පළමුවන විජයබාහු රජුගෙන් පසු ගමිපහදි තුලා බරට දාන පුජාව

ජාත්‍යන්තර මවි වරුන්ගේ දිනයට සමගාමීව ගැබිණි මව්වරුන් 50 දෙනෙකු වෙනුවෙන් ” තුලා බරට දාන පුජාවක් ” පැවැත්වීම  ගම්පහ ජාත්‍යන්තර සාම මහා විහාරස්ථානයේදී සිදු කෙරිණි.

ගම්පහ ; මැදගම (3) ග්‍රාම නිලධාරී සමන් ප්‍රියන්ත මහතාගේ සංකල්පයකට අනුව පෙර රජ සමයේදී රටට සෙත් පතා ඇතුන් බරට මව්වරුන්ට දානය පිළිගැන්වීම සිහිපත් කරමින් සාම මහා විහාරාපති තලංගල්ලේ සෝමසිරි නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පුජාව සිදු කෙරිණි.

මෙහිදී සෝමසිරි නාහිමියෝ අනුශාසනාවක් කරමින් මෙරට පළමු වරට වර්ෂ 1055 දී පළමුවන විජයබාහු රජු විසින් මෙවන් දාන පුජාවක් පවත්වා ඇති බව අඹගමුව සෙල්ලිපියෙහි සදහන්ව ඇතැයි පැවසුහ.

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් මෙම දානය සදහා ප්‍රදේශ කිහිපයකින් ගැබිණි මව්වරුන් තෝරාදී තිබු අතර එම මව් වරුන්ට එක් එක් මවකගේ බරට ආහාර වර්ග ; එළවලු ; පළතුරු ; ඹෟෂධ සහ වස්ත්‍ර පුජාව සිදු කරන ලද්දේ තරාදියේ එක් පසෙක මව හිදුවා එම බරට අනෙක් පසට එම ද්‍රව්‍ය පිරවීමෙනි. මෙහි එක් මවක් කිලෝ 77 ක් බර වුවාය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ; ජනතා නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන්ද එක්ව සිටි අතර අවස්ථාව දැකබලා ගැනීමට විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *