වන අලියෙක් විදේශීය යුවළකගේ ජංගම දුරකථනය පැහැරගෙන යයි –

වන අලියෙක් විදේශීය යුවළකගේ ජංගම දුරකථනය පැහැරගෙන යයි –

කතරගම බුත්තල මාර්ගයේ ගමන් කරමින් සිටි ඕස්ටේ‍්‍රලියන් ජාතික කෝටිපති ව්‍යාපාරිකයකු සහ ඉංජිනේරුවකු වන ජෙකෝබ් ප්‍රෙට් සහ ඔහුගේ බිරිඳ වන කැනඩා ජාතික වෛද්‍යවරිය බුත්තල කතරගම මාර්ගයේ ගමන් කරමින් සිටියදී ගෝනගංආර පොලිසියට කිලෝමීටර් 04 ක් පමණ නුදුරින් වනගත ප‍්‍රදේශයේදී මහමග සිටි වන අලියකු වාහනය නවතා ආහාර

ගැනීමට උත්සාහ කිරීමේදී කැනඩා ජාතික වෛද්‍යවරිය එම අවස්ථාව තම ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කිරීමට සූදානම් වෙද්දී ආහාරයක් යයි සිතා එම කාන්තාව වීඩියෝ කරමින් සිටි ජංගම දුරකථනය උදුරා ගෙන වනයට ගිය බවට එම විදේශීය යුවළ විසින් පැමිණිල්ලක් කර ඇති බව පොලිසීය කියයි.

ඉකුත් 04 වන දින රාත‍්‍රි 8.30 ට පමණ මෙම සිද්ධිය වී ඇති අතර පසුව එම විදේශීය යුවළ විසින් ඕස්ටේ‍්‍රලියන් සහ කැනඩා තානාපති කාර්යාලද දැනුවත් කිරීමට කටයුතු කර ඇත. පසුව මෙම යුවළ විසින් ගෝනගංආර පොලිසියේ දුරකථන අංකය සොයාගෙන පොලිසිය දැනුවත් කර ඇති අතර සිද්ධිය වූ දිනට පසු දින එනම් 05 වන දින පෙරවරු 9.30 ට පමණ පොලිසියට පැමිණ මෙම විදේශීය යුවළ පොලිසිය සමග සිද්ධිය වූ ස්ථානයට ගොස් ඇත.

ගෝනගංආර පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රියන්ත පේ‍්‍රමතිලක මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයේ අවට පරිසරය පරීක්ෂා කිරීමේදි වන අලියා පලාගිය මාර්ගයේ අතරමග වැටී තිබියදි ජංගම දුරකථනය හමුවි ඇත. දුරකථනය හමුවීමෙන් පසු උද්දාමයට පත් විදේශීය යුවළ මුදලින් තක්සේරු කළ නොහැකි තරමට එය තමන්ට වටිනා බව විදේශික කාන්තාව පොලිසියට පවසා ඇත. ගෝනගංආර පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින්ගේ සේවය ඉතා ඉහළින් අගය කර ඇති මෙම විදේශීය යුවළ ශ‍්‍රී ලංකා පොලිසිය පිළිබඳ පැහැදී මුව නොසෑහෙන සේ ස්තුති කර පිටව ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *