වනාන්තරයක් මැද පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරය

වනාන්තරයක් මැද පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වටලන්නට ගාල්ල සුරා බදු නිලධාරිහු සමත් වෙයි.

ගාල්ල සුරාබදු ස්ථානයේ හා ගාල්ල හියාරේ විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් 2018 ජුනි මස 11 වන දින විශේෂ ඒකාබද්ධව සිදු කල වැටලීමකදී යටලමත්ත, ආරල කන්ද හා මාපලගම, අළුත් ඉහල වනාන්තර තුල කාලයක් තිස්සේ පවත්වාගෙන යමින් තිබූ මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාර තුනක් හා කසිප්පු හා කරිඤ්ඤං විකුණන ස්ථාන5ක් වටලා සැකකරුවන් 8 දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලදී.

සුරාබදු කොමසාරිස් ජනරාල් ආර්.සේමසිංහ මහතාට ලැබුන මහජන පැමිණිලි මත නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (මෙහෙයුම්) එම්.බී.වන්සූරිය මහතාගේ සහ දකුණු පළාත සහ සබරගමුව පළාත භාර සහකාර සුරාබදු කොමසාරිස් පී.එච්.සී. ද සිල්වා මහතාගේ උපදෙස් මත ගාල්ල සුරාබදු අධිකාරී එම්.ඩී.පී. සුනිල් ශාන්ත මහතාගේ හා විශේෂ කාර්ය බලකායේ ගාල්ල / හම්බන්තොට අණ දෙන නිළධාරී පොලිස් අධිකාරී නිශේධ ප්‍රනාන්දු, විශේෂ කාර්ය බලකායේ ගාල්ල සහකාර පොලිස් අධිකාරී ඒ.ඩී.ඩී. නෙත්තසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත ගාල්ල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතාගේ හා ගාල්ල හියාරේ විශේෂ කාර්ය බලකා කදවුරේ අණදෙන නිළධාරී පොලිස් පරීක්ෂක එම්.ඒ.බී.ඒ. බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් ගාල්ල සුරාබදු ස්ථානයේ හා ගාල්ල හියාරේ විශේෂ කාර්ය බලකා කදවුරේ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම ඒකාබද්ධ වැටලීම සිදු කරනු ලැබීය.

මෙම කසිප්පු නිශ්පාදනාගාර වනාන්තරය මැද ඉතා රහසිගත ලෙස පවත්වාගෙන යමින් තිබූ අතර නිලධාරීන් සිවිල් ඇදුමින් සැරසී වනාන්තරය තුලට ඉතා සූක්ෂම ලෙස ඇතුල් වී සැකකරුවන් කසිප්පු පෙරමින් සිටියදීම අත් අඩංගුවට ගනු ලැබීය. කසිප්පු පෙරීම සදහා දර ලබ ගැනීමට වනාන්තරයේ වටින ගස් කපා දමා තිබූ බවත්  කසිප්පු පෙරීමෙන් පසු ඉතිරිවන උණු ගෝඩා හැලීමෙන් එහි දිය පහරවල් වල ජීවත් වන වටිනා දේශීය මත්‍සය සම්පත විනාශ වෙමින් තිබූ බවත් වැටලීම මෙහෙයවූ ගාල්ල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතා පැවසීය.

මෙහිදී නීති විරෝධී ගෝඩා මිලි ලීටර් 513,500 ක්ද නීති විරෝධී ලෙස පෙරන ලද ස්ප්‍රීතු මිලි ලීටර් 47,200 ක්ද කසිප්පු පෙරීමට උපයෝගි කරගන්නා ලද තහඩු බැරල් 6 ක්ද , තඹ දගර තුනක්ද ආදී උපකරණද අත්අඩංගුවට  ගනු ලැබූ අතර අත් අඩංගුවට ගනු ලැබූ භාණ්ඩ වල වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් පමණ වේ. මෙසේ පෙරණු ලබන කසිප්පු වදුරඹ,බද්දේගම, මාපලගම, උඩුගම, කොට්ටව, තල්ගස්වල, නාකියාදෙණිය, යක්කලමුල්ල යන ප්‍රදේශ වලට බෙදාහැරීමට සූදානම් කල බව ප්‍රශ්ණ කිරීම් වලදී හෙලි විය. සැකකරුවන් රුපියල් 100,000/- ක සුරාබදු සහතික ඇප මත මුදාහැරුනු අතර ඔවුන්ට එරෙහිව උඩුගම, බද්දේගම හා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණවලදී නඩු පැවරීමට නියමිතය.

මෙම වැටලීම සදහා ගාල්ල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර,  සුරාබදු පරීක්ෂකවරුන් වන අසංක කල්‍යාණප්‍රිය හා ඩබ්.ජී.එස්. අමරරත්න, සුරාබදු සැරයන් මේජර් තිලකරත්න, සුරාබදු නියාමකවරුන් වන657 නිහාල් නන්දරත්න හා 1191 බුද්ධික වික්‍රමසිංහ, සුරාබදු රියදුරු ලුෂාන්ත ලක්මාල් යන ගාල්ල සුරාබදු ස්ථානයේ නිළධාරීන් හා ගාල්ල හියාරේ විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් වන කදවුරු අණදෙන නිළධාරී පොලිස් පරීක්ෂක එම්.ඒ.බී.ඒ. බණ්ඩාර, උපපොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.ඒ.එස්. අළුත්ගෙදර, පො.සැ.3430 කුලසිංහ, පො.සැ.29404චන්දන, පො.කො.11049 සිංහතිලක, පො.කො. 22932 පො.කො.66877 බණ්ඩාර, පො.කො.රි.80792 හා 19401 යනනිළධාරීන් සහභාගි වුහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *