වත්මන් ආණ්ඩුවේ සාර්ථකත්වය ඉවසා ගත නොහැකි පිරිස් අද වියරු වැටිලා

වත්මන් ආණ්ඩුවේ නායකන් දෙපළ රටේත් ලෝකයේත් විශ්වාසය දිනාගනිමින් ජාත්‍යන්තරවාදී මාවතේ සාර්ථකව ඉදිරියට ගමන් කිරීම ඉවසාගත නොහැකි, බලලෝභී පරාජිතයන් පිරිසක්,  වියරුවෙන් කටයුතු කරමින් සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
පසුගියදා ඉදිරිපත් වූ ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

කිසිදු බලවේගයකට නවතා දැමිය නෙහැකි පරිදි රට තුළ සාමය සහ සංහිදියාව නිර්මාණය කිරීම වෙනුවෙන්  ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් නව ව්‍යවස්ථාවට සහයෝගය දක්වන සියලු දෙනා මරා දැමිය යුතු බවට විපක්ෂ වේදිකාවකදී කළ ප්‍රකාශය අතිශය බියකරු ප්‍රකාශයක් බවත්  අදාළ නිවේදනයේ සදහන්.

මෙරට ස්ථාවර සාමය සංහිදියාව සහ සංවර්ධනය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ යුතු බවට 2015 දී ජනවරමක් ලබාදී තිබියදීත්  එවැනි ප්‍රකාශයක් සිදුකර ඇති බවත්  එමෙන්ම ජාතිවාදය සිය දේශපාලන උපායමාර්ගය කරගත් විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් කල ප්‍රකාශයෙන් ද වියරු දේශාලනය හෙළි වන  බවත් එම නිවේදනයෙන් ප්‍රකාශකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *