ලෝකයෙන්ම සාර්ථකවම කොවිඩි19 ව්‍යසනයට මුහුණ දෙන රජයට විපක්ෂය මඩ ගසන්න කටයුතු කරනවා

ලෝකයෙන්ම සාර්ථකවම කොවිඩි19 ව්‍යසනයට මුහුණ දෙන රජයට පොඩි පොඩි සිල්ලර දේවල් අරගෙන විපක්ෂය මඩ ගසන්න කටයුතු කරනවා- එය හෙළා දැකිය යුතුයි-හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

හිටපු නිවාස ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා මෙසේ අදහස් ප්‍රකාශ කළා

අප ස්වාභාවික විපත් විවිධ විව්‍යවසන ඇතුලු දේවල් වලට මුහුණදීලා තියෙනවා. නමුත් ලෝක ව්‍යසනයක් වී ඇති කොවිඩි19 අවදානම වැනි සිද්ධියකට මුහුණ දීලා නැහැ. නමුත් අපි දැන් සාර්ථකව ලෝකයේ අනිකුත් රටවල් වලට ආදර්ශයක් වන අයුරින් මෙම අවධානමට මුහුණ දෙමින් සිටිනවා. ඒ කටයුතු සිදුකරන්නේ ජනජීවිතය අවුල් නොවන ලෙසින් හා ඔවුන්ට සහන සලසමින්.. පැහැදිලිවම කියනවා විපක්ෂයට. යම් යම් සුළු කාරණා භාවිතා කරමින් දේශපාලන වාසි ගන්න එපා කියලා. සමෘද්ධිලාභීන්ට රජය විසින් ලබාදිය යුතු මුදල් මේ වනවිට ලබාදීලා අවසන්. ව්‍යාපාරිකයින්ට බැංකු ණය සහ කල්බදු පහසුකම් වාරික සඳහා මෙම කාල සීමාවේ අය නොකිරීමට තීරණය දීලා අවසන්. ඒ වගේම එදා වේල හොයාගෙන ජීවත්වෙන විවිධ ක්ෂේත්‍රවල ඉන්න අතිමහත් ජනතාවක් මේ වනවිට ලේඛනගත කර සහන සලසා දීමට කටයුතු කරමින් පවතිනවා. මෙි කාලසීමාවේ දී අසරණ වූ සියලුම දෙනාට ම රජය මඟින් සහන සැලසීමට කටයුතු කරමින් පවතිනවා.

කිසිදු දේශපාලන භේදයකින් තොරව තමා මේ සියල්ලම රජය මගින් සිදු කරන්නේ.. පසුගිය රජයේ සහ මේ රජයේ අතර හොඳ නරක තෝරා ගන්නා වෙලාවක් නොවේ. නමුත් අපි විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ ජනතාව දැනුවත් කරන්න කියල මොන තරම් මේවා වෙනුවෙන් රජය කැපවෙනවා ද කියලා. වෙන වෙන දේවල් වලට ජනතාව ගෙනියන්න එපා කියල ඉල්ලා සිටිනවා. ඒ පණිවිඩය අපි මේ වෙලා විපක්ෂයට කියනවා. අපි කරගෙන යන දේවල් අපි මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කරන්නේ නැහැ. තේරුම්ගතයුතු කටයුත්ත තමා මේ සේවාව සිදු කරන්නේ මේ නිහඬවයි. ඒ කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝ විය හැකි නිසයි සියලු දෙනා කටයුතු කරනවා මේ වෙලාවේ

ඒ නිහඬ සේවාව කරන්නේ මේ රෝගය ව කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝවිය හැකි නිසායි .ඒ නිසා අප කටයුතු කළ යුත්තේ සෞඛ්‍ය උපදෙස් අනුවයි. ඒක නිසා මේ වෙලාවේ කොස් ගස් වලට නැගලා එහෙම නැත්තං ලොරි රථවල තට්ටුවට නැගලා එහෙම නැත්නම් වෙනත් දේවල් කරල දේශපාලන වාසි ගන්නේ නැතුව රජය හදලා තිබෙන යාන්ත්‍රණය තුළ රටේ ජනතාව දැනුවත් කිරීම තමයි වැදගත්කම.. ඒ කටයුත්ත අපි රජයක් විදිහට මේ වෙලාවේ කරනවා. මැතිවරණ නීති වලට පවා අනුවයි අපි කටයුතු කරන්නේ.
ජනපතිතුමාට අගමැතිතුමාට කාර්ය සාධන බලකාය නියමුවා හැටියට කටයුතු කරන බැසිල් රාජපක්ෂ මහතාට ස්තූතිවන්ත විය යුතුයි.මෙි වෙලාවේ සියලුම දෙනාටම සහන සලසන එක ගැන. හමුදාව පොලිසිය සෞඛ්‍ය එක පවුලක් විදිහටයි අපි සැලකිය යුත්තේ.ඔවුන් ව්‍යාප්තවීම පාලනය කරලා තියෙනවා.

අර ගමට ගියේ නෑ. අහවල් කෙනාට දුන්නේ නැහැ. කියලා දේශපාලන කෝණයෙන් බලන්නේ නැතුව බොරු ප්‍රචාරය ගෙනියන්න එපා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා පැහැදිලිවම කියනවා. විපක්ෂයට දේශපාලනය කරන්න මේවට වඩා ඕන තරම් තැන් තියෙනවා. ඒක තුළ දේශපාලනය කරන්න. බොරු සිල්ලර දේවල් අරගෙන කටයුතු කරන්න එපා. අපි කැමති නෑ මේ වෙලාවේ දේශපාලන මඩගැසීම් කරගන්න.අපි මේවා හෙළා දකිනවා

අපි කළ යුත්තේ මේ වෙලාවේ ජනතාවට සේවය කිරීමයි. මේ ව්‍යසනයෙන් මේ රටේ ජනතාව ගොඩ ගැනීමයි.කලයුත්තේ. අපි රජයක් විදිහට වගකීමෙන් කටයුතු කරනවා. පොඩි පොඩි දේවල් අරගෙන දේශපාලන වාසි ගන්න කටයුතු කරන්න එපා කියලා. මං නැවතත් කියනවා. අපි මේ හෙළාදකිනවා. එතැනට එන්නේ නැතුව කොළපාට දේශපාලනයේ රතු පාට දේශපාලනය නිල් පාට දේශපාලනය පාට පාට තියෙන ඕනෙම දේශපාලනයක් එකතුවෙලා මුහුණදීලා රටේ ජනතාව ආරක්ෂා කරගත යුතුයි කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *