ලොව වටා වඳ වී යන විල් මුවා මෙන්න

ලොව වටා වඳ වී යන විල් මුවා මෙන්න

අප ශ‍්‍රී ලංකාවේ මුව පවුලේ සාමාජිකයන් හතර දෙනා අතුරෙන් දුර්ලභම සාමාජිකයා වන්නේ විල් මුවා හෙවත් ගෝන මුවා ය. සර්විඩේ (Cervidae) කුලයට අයත් වන විල් මුවා ඉංග‍්‍රීසියෙන් Hog Deer, Ceylon Hog Deer, Paddy – field Deer හා Swamp Deer යන නම්වලින් හඳුන්වයි. විද්‍යාත්මක ව Axis porcinus ලෙස හඳුන් වන මේ විශේෂය 2007 IUCN රතු දත්ත ලේඛනයට අනුව වඳ වීමේ තර්ජනයට ලක් වූ නැතහොත් තර්ජිත (Endangered) විශේෂයක් ලෙස දක්වා තිබේ.

ලංකාවේ ඉතා ම සීමිත ව්‍යාප්තියක් ඇති මේ සතුන් තෙත් කලාපයේ කළුතර හා ගාල්ල දිස්ත‍්‍රික්ක දෙකෙහි ද රට තුළට වන්නට ස්ථාන කිහිපයක හා වෙරළබඩ කලාපය ආශ‍්‍රිත පහත් බිම් ප‍්‍රදේශවල පමණක් වාර්තා වේ. මතුගම, බුලත්සිංහල, අම්බලන්ගොඩ, ගෝනපිනුවල, ඇත්කඳුර, කරන්දෙණිය, තෙල්වත්ත, බටපොළ, ඌරගස්මංහන්දිය හා මාඳු ගඟ ආශ‍්‍රිත දූපත්වල ද සුළු වශයෙන් මොවුන් ජීවත් වෙති. එහි වගුරු බිම්, පදුරු වනාන්තර, කුරුඳු වතු ආශ‍්‍රිත ප‍්‍රදේශවල හා කඩොලාන ආශ‍්‍රිත පරිසරවල ජීවත් වේ. එහෙත් දැනට මේ සතුන් වාර්තා වන ප‍්‍රදේශවල සුදුසු වාසස්ථාන බොහොමයක් එළි පෙහෙළි වීම හේතුවෙන් මේ සතුන් ගේ ගහනය ශීඝ්‍රයෙන් පහළ යමින් පවතී.

මේ ප‍්‍රදේශවල ජනතාව විල් මුවා වගා බෝග ආහාරයට ගන්නා සතුරෙකු ලෙස සලකයි. කිරිවදින ගොයම්, කුරුඳු දළු, එළවළු බෝගවල දළු ආහාරයට ගැනීමට මේ සතුන් රාත‍්‍රී කාලයේ දී වගාබිම්වලට පැමිණේ. එසේ පැමිණෙන සතුන්ව විදුලි සැර යෙදීමෙන් හා මළ පුඩු වැනි උගුල් ඇටවීමෙන් මරණයට පත් කරයි. ඉතාම සීමිත ගහනයක් පමණක් ජීවත් වන මේ සතුන් මේ අයුරින් මරා මස් විකිණීම මේ ප‍්‍රදේශවල බහුලව සිදු කරයි. විශේෂයෙන් මෙය අම්බලන්ගොඩ, කරන්දෙණිය, බටපොළ හා ඌරගස්මන්හන්දිය වැනි ප‍්‍රදේශවල බහුල ව සිදුවන්නකි.

ලංකාවේ ඉතා ම සීමිත ව්‍යාප්තියක් ඇති මේ සතුන් ආසියාවේ රටවල් කිහිපයක ම වාර්තා වේ. නේපාලය, භූතානය, බංග්ලාදේශය, මියන්මාරය, තායිලන්තය, වියට්නාමය, පකිස්තානය හා ඉන්දියාව වැනි රටවල මේ විශේෂය ව්‍යාප්ත ව සිටී. ඉන්දියාවේ තරමක් බහුල ව වාසය කරන මේ සතුන් බෙංගාලය, උතුරු ඉන්දියාව, පංජාබය හා ඇසැමය යන ප‍්‍රදේශවල ජීවත් වේ. මියන්මාරයේ කඩොලාන වනාන්තරවල තරමක් බහුල ව මේ සතුන් වාර්තා වේ.

විල් මුවා ලංකාවේ ඉතා සීමිත ප‍්‍රදේශයක පමණක් ව්‍යාප්ත ව සිටින බැවින් සමහරුන් මේ විශේෂය යටත් විජිත යුගයේ දී දඩයම පිණිස ලංකාවට හඳුන්වා දුන් සත්ත්ව විශේෂයක් ලෙස හඳුන්වයි. එහෙත් ඒ සඳහා කිසිදු ලිඛිත හෝ වෙනත් සාධක නොමැති අතර මේ විශේෂය ඈත අතීතයේ සිට ලංකාවේ ජීවත් වූ බවට සාධක පවතී. වසර 14000 ක් පමණ පැරණි අලවල පොත්ගුල් ලෙන තැනීමේ දී විල් මුවා ගේ යටි හනුවේ දතක කොටස් හමු වී ඇත. ඒ ගල් ලෙනෙහි හමු වූ සත්ත්ව නිදර්ශක පිළිබඳ ව ආචාර්ය ගාමිණී අධිකාරි මහතා සමඟ පර්යේෂණවල නිරත වන කැළුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා විසින් මේ බව තහවුරු කර තිබේ.

ඒ අනුව විල් මුවා ඈත අතීතයේ සිට ම ලංකාවේ ජීවත් වූ බවට තහවුරු වේ. තව ද දැනට වඩා පුළුල් ව්‍යාප්තියක් මේ සතා ගේ අතීතයේ තිබෙන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. තව ද ලංකාවේ වාර්තා වන විශේෂයේ ලක්ෂණ හා ඉන්දියාවේ වාර්තා වන විශේෂයේ ලක්ෂණ අතර පුළුල් වෙනසක් පවතින බව බොහෝ පර්යේෂකයින් ගේ මතයයි. මේ පිළිබඳ ව වැඩිදුර පර්යේෂණවල නිරත වුවහොත් මේ විශේෂය ලංකාවට ආවේණික විශේෂයක් වීමේ වැඩි හැකියාවක් ඇති බව දැනට විද්‍යාඥයින් අතර පවතින මතයකි.

ප‍්‍රමාණයෙන් සෙන්ටිමීටර 60 – 65ත් අතර උසින් යුත් විල් මුවා ගේ ශරීර වර්ණය ඒකාකාර ලා දුඹුරු පැහැති ය. ශරීර ප‍්‍රමාණයෙන් තිත් මුවාට වඩා කුඩා වන අතර ඕලු මුවාට වඩා තරමක් විශාල ය. ශරීරයේ සුදු පැහැති තිත් නොමැති බැවින් තිත් මුවාගේ ශරීර වර්ණය රතු – දුඹුරු පැහැයක් ගන්නා බැවින් ඕලු මුවා ගෙන් ද වෙන් කර හඳුනා ගත හැකි ය. පිරිමි සතුන්ට කොටස් තුනකට බෙදුණු අං යුගලක් හිමි ය. සාපේක්ෂව තරමක් දික් වූ වලිගයක් දරණ මේ සතා ගේ පාද තරමක් කෙටි ස්වභාවයක් ගනී. ඇස් පැහැදිලි ව නෙරා පෙනෙන අතර කළු පැහැයෙන් යුක්ත වේ.

මේ සතුන් ආරක්ෂා කිරීම සඳහා ප‍්‍රධාන වශයෙන් ම වාසස්ථාන ආරක්ෂා කිරීම සිදු කළ යුතු ය. ඒ සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කළ යුතු ව ඇත. මීට අමතර ව මේ සතුන් විවිධ ආකාරයෙන් මරණයට පත් කිරීමට එරෙහි ව නීති ක‍්‍රියාත්මක කළ යුතු ව ඇත.

2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව විල් මුවා ආරක්ෂිත සතෙකි. පනතේ 30 වන වගන්තියට අනුව මේ සතුන්ට තුවාල සිදු කිරීම, මැරීම, අල්ලා ගැනීම, අල්ලා ගැනීම සඳහා මළ පුඩුවක්, උගුලක්, තුවක්කුවක්, පොල්ලක් හෝ වෙනත් උපකරණයක් භාවිත කිරීම, මරණ ලද හෝ අල්ලා ගනු ලැබූ සතෙකු හෝ සතා ගේ කොටසක් (මස් ඇතුළුව) ළඟ තබා ගැනීම හෝ සන්තකයේ තබා ගැනීම, මස් විකිණීම හෝ විකිණීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම, සම් හෝ අං තට්ටු ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි. මෙවැනි වරදකට වරදකරු වූ පුද්ගලයකුට රු. 20,000කට නොඅඩු හෝ රු. 50,000කට නොවැඩි දඩයක් හෝ අවුරුදු දෙකකට අඩු නොවන හෝ අවුරුදු පහකට වැඩි නොවන කාලයක් සඳහා වූ බන්ධනාගාර ගත කිරීමක් හෝ ඒ දඩය සහ බන්ධනාගාර ගත කිරීම යන දෙකට ම හෝ යටත් විය යුතු ය.

මේ නීති ක‍්‍රියාත්මක කිරීම පමණක් නො ව ජනතාව ඒ පිළිබඳ ව දැනුම්වත් කිරීම තුළින් මේ සතුන් රැක ගැනීම සඳහා යොමු වීම අද වන විට අත්‍යවශ්‍ය ව තිබේ.

ලෝකයේ ඕලු මුවන් පිළිබඳව කතා කරද්දී ඉන්දියානු ඌරු මුවා ද හදුනා ගත හැකිය.

උතුරු ඉන්දියාවේ සිට පකිස්ථානය දක්වා දිවෙන ඉන්දියානු හෝග් මුවර් (Hyelaphus porcinus) යනු උතුරු ඉන්දියාවේ සිට පකිස්තානයේ උතුරු ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, නිරිත දිග යුනාන් පළාත, ඉන්දු-ගැන්ටික් ප්ලේන් බොහොමයක් වාසය කරනුයේ මහාද්වීපික අග්නිදිග ආසියාවේය. චීනය, බටහිර තායිලන්තයට යන මාර්ගය. ඕස්ට්රේලියාවේ සහ ලංකාව තුළ ඉහත සඳහන් කළ පරිදි හඳුන්වාදුන් මුව ජනගහනය ද පවතී.

මෙහි දී අනෙක් මුවන් මෙන් නොව මේ ඕලු මුවන් මෙන් නොසැළී යාමට ඉඩ නොදී, එය හිස් හිසකෙස් සහිතව වනාන්තරය හරහා ගමන් කරයි.මේරූ පැඟිල්ලේ පැටියෙකුගේ උරහිස 70 cm පමණ වේ. එහි බර කිලෝග්රෑම් 50 ක් පමණ වන අතර ආවරණය 61 සෙ.මී. පමණ වන අතර බර කිලෝග්රෑම් 30 ක් පමණ වේ. දිගු ශරීරයක් සහ සාපේක්ෂ කෙටි කකුල් සහිත සහ ඝන කුරුල්ලන්ගේ කඳු මුදුනේ සිට ඉහළ කඳු මුදුන දක්වා ඉහළින් ඒවා ගොඩනඟා ඇත. කන් වටය; වැඩිහිටි සත්ත්වයන් මුහුණට හා බෙල්ලේ දීප්තිමත් වර්ණ දැකිය හැකිය.

ඉන්දියානු හොග් ඩියර්ගේ ආවරණය ඉතා ඝන වන අතර වර්ණ දීප්තිමත් වර්ණයෙන් යුත් ශරීර සහ කකුල් හැරුණු විට ශීත ඍතුවේදී ඒකාකාර තද දුඹුරු පැහැයක් ගනී. ප්රමාද වූ වසන්ත කාලයේදී, රතු රතු පාටට දුඹුරු පැහැති ග්රීෂ්ම සුමට ආලේප කිරීමකට වෙනස්කම් සිදු විය හැකිය. බොහෝ හේන් මුවන්ගේ බෙල්ලේ පිටුපස හා හිස පිටුපසට හිස සිට දිගු අඳුරු ආන්තික තීරුව පෙන්නුම් කරයි. ග්‍රීරීෂ්මයේදී සාමාන්‍යයෙන් උරහිස් සිට උරහිස් දක්වා වූ පෘෂ්ඨ ගෝලයේ දෙපැත්තෙන් ඇති ආලෝකය වර්ණවත් පැල්ලම් සාමාන්යයෙන් දක්නට ලැබේ. වලිගය තරමක් කෙටි සහ දුඹුරු වන අතර සුදු පැහැයෙන් වැසී ඇත. වලිගයේ යටින් ඇති සුදු පැහැති සහ මුවන්ට විශේෂිත අනතුරු ඇඟවීමේ සංදර්ශනයක් තුළ සුදු හිසකෙස් පිරවිය හැකිය.

ඉන්දියානු තුඩුදුන්ගේ මුවන්ගේ ඇස් ඉදිරිපිටට මඳක් පහළට පැටවුන්ගේ ග්‍රන්ථි සහ පසුපස කකුල් පැත්තට ඉහළින් පිහිටා ඇති metatarsal ග්‍රන්ථි ඇත. පාදක ග්‍රන්ථි හින්දු කුරේ වල බෙල්ලේ හෝ ඇඟිලි අතර පිහිටා ඇත.

මේරූ කෙසෙල් මුව දෙන මුව විටක සාමාන්‍යයෙන් ඇතුළත හා පිටත මුදුනේ ඇති කදම්බ මත ඝණ ප්‍රධාන කදම්බයක් සහිත ටයිනින් තුනී ඉස්කුරුප්පු වැටී ඇත. කෙසේවෙතත්, වැඩි ලකුණු ගණනක් සහිත ආප්තයන් සාමාන්‍ය දෙයක් නොවේ. මේ හෝගරුවන්ගේ අංවල විශේෂ ලක්ෂණ වන්නේ බැමි ටයින් සහ ප්‍රධාන කදම්භය අතර අග්‍ර කෝණයයි. අභ්‍යන්තර, මුදු කෙටීම සහ ප්‍රධාන කදම්භයේ සිට සහ ප්‍රතිවිරුද්ධ එදිරිව දෙසට කෙටි ආවරණයක් ඇති බවය.

මෙම වුවන්ගේ හැසිරිම ලංකාවේ ඕලු වුන්ගේ හැසිරිමට සමාන ගති ලක්ෂණ දැක්විය හැකිය. මෙම මුවදූන් විශේෂයෙන්ම ඓතිහාසික තත්වයන් යටතේ වාසිදායක වන අතර, මෙම කාලවලදී “ඒකකයක්” නොතිබීම, පට්ටියෙන් නොව, විවිධ දිශාවලින් පලා යාමෙන් පමනි. තැතිගන්වන විට ඌරෙකුගේ දඩයමේ ශබ්දයක් හෝ අනතුරු හැඟවීමේ ක්ෂණික දායකත්වයක් දැක්වයි. මේ මුවන් විශාල වුවද, සාමාන්යයෙන් 0.70 km² පමණ වේ. පිරිමි සතුන් ආක්‍රමණශීලී වන සුළු ප්‍රමාණයක් දැකිය හැකිය. පැටවුන් අතරතුරේදී, පුරුෂයන් විවෘත වෘක්ෂලතාන්තරවල රැදී සිටිති. මේ වුවන් අතර දැකිය හැකි විශේෂත්වය වන්නේ, යම්කිසි කාලයකදී තනි ගැහැණු මුවක රැකබලා ගැනීම හා ගැහැනුන්ගේ රැකවරණ නොලැබේ. අනෙකුත් මුවන්ගේ විශේෂ මෙන් නොව, ඌරු මුවන් දඩයම් කැඳවීමක් නොමැත. මුව ජනගහනය ඝනත්වය ගංගා නිම්නවල වර්ග කිලෝමීටරයකට වර්ග කිලෝමීටර 0.1 ක් තරම් අඩු විය හැකිය.

විලෝපිතයන් අතර ලංකාවේ නම් වැඩිපුරම මිනිසුන්ගේ ගොදුරු බවට පත්වේ. මරඋගුල් නිසා මැස් වැද්දන්ගේ බයිට් එකකට මේ අහිංසකයා ගොදුරු වී ඇත. ටිගර්, දිවියන්, ඩොල්ස් සහ සමහර විට බුරුම පයිතන් සහ වලාකුළු දිවියාය.

ඉන්දුනීසියාවේ Bawean Island හි Bawean Island (H. kuhlii) සහ වෙනිසියුලාවේ වෙන වෙනම ද්වී කුරුල්ලන් තිදෙනෙකු සිටින අතර පිලිපීනයේ කැලමියන් දූපත් වල තල්මසුන් (Calamian Mul) (H. calamianensis) තෙත් හෝ වියළි නිවර්තන පතනශීලී වනාන්තර පරිසරවල ජීවත් වේ. ඌරු මුවන්ගේ (A. porcinus) වඩාත්ම ප්‍රචලිත බටහිර ජනගහනය මෙන් නොව, ඔවුන්ගේ ඉරණම උපතින්ම දැකිය නොහැක. පැතිරුණු කොළ විල දෙපළු විය හැකිය. එවකට වනාන්තරයේ ගිනිකොනදිග ආසියාවේ ගොළුබෙල්ලන් ආශ්රිතව ජීවත් වූ සුන්දර පෙට්ටියේ විශාල සාගර කඳුවැටියක ජීවත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *