ලොව කොරෝනා ආසාදිතයින් ලක්ෂ අට හමාර ඉක්මවයි-ඊයේ මරණ -ඉතාලියෙන් 837 ක්- ස්පාඤ්ඤයෙන් 748ක්–අමෙරිකාවෙන් 719 ක්

ලොව කොරෝනා ආසාදිතයින් ලක්ෂ අට හමාර ඉක්මවයි-ඊයේ මරණ -ඉතාලියෙන් 837 ක්- ස්පාඤ්ඤයෙන් 748ක්–අමෙරිකාවෙන් 719 ක්

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ලෝකයේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්ෂ 56,910 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ආසාදනය හේතුවෙන් සිදු වනූ මරණ සංඛ්‍යාව 42,107 දෙනෙකු බව වාර්තා වෙයි.

ඊයේ දිනය තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා වන අතර එය 837 දෙනෙකු බව සඳහන් වෙයි.

අමෙරිකාවෙන් නව මරණ 719 දෙනෙකු ඊයේ දිනය තුළ වාර්තා වෙයි.

ලෝකයේ වැඩියෙන්ම කොරෝනා ආසාදිතයින් වාර්තා වන රට බවට පත්ව සිටින අමෙරිකාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් එක් ලක්ෂ 87,340 දෙනෙකු වාර්තා වෙයි.

ඊයේ දිනය තුළ ස්පාඤ්ඤයෙන් නව කොරෝනා වෛරස ආසාදිත මරණ 748ක් වාර්තා වෙයි.

මේ අතර දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකය මුහුණදෙන දරුණුතම අභියෝගය වර්තමාන කොරෝනා වෛරස වසංගතය බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසයි.

මෑත කාලීන ඉතිහාසය තුළ ලෝකය මෙවැනි දරුණු ව්‍යවසනයකට මුහුණදී නොමැති බව හෙතෙම පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *