ලොකු පුතා මරා බන්ධනාගාර ගතව වසර 08කට පසුව නිදහස් වී පොඩි පුතා විදුලි උගුලකට අසුකර මැරූ අපේ කාලයේ අමණ පියා අත්අඩංගුවට 

ලොකු පුතා මරා බන්ධනාගාර ගතව වසර 08කට පසුව නිදහස් වී පොඩි පුතා විදුලි උගුලකට අසුකර මැරූ අපේ කාලයේ අමණ පියා අත්අඩංගුවට

මාතර පොලිස් කොට්ඨාසයේ මාතර වල්ගම කනත්තගොඩ පුදේශයේ 25 වන දින රාත්‍රියේ දී විදුලි සැර වැදී පුද්ගලයෙක් වැටී සිටින බව පොලිස් හදිස් ඇමතුම් අංකයට තොරතුරු ලැබිනි ඒ අනුව, වහා ක්‍රියාත්මක වු මාතර පොලිස් ජංගම සේවා නිලධාරි අදාළ ස්ථානයට ගොස් ඇත.

මෙය මනුෂ්‍ය ඝාතනයක් බව පොලිසිය පවසයි.මරණකරු වල්ගම කනත්තගොඩ 30 හැවිරිදි උදාර මධුසංඛ නැමැති අයෙකි.සැකකරු මධුසංඛගේ පියා ( තාත්තා) බවට කරුණු හෙලි වී ඇත.

හෙතෙම මිනි මැරීමේ චෝදනව යටතේ මෙයට වසර 8කට පෙර බන්ධනාගර ගතව සිටි අයෙකි.ඒ මිය ගොස් ඇති පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයාට පිහියෙන් ඇන මරා දැමීම නිසා බව පොලිසිය පවසයි.මේ නිසා වසර 07ක කාලයක් බන්ධනාගාරයේ සිට නිදහස්ව ආ මේ අමන තාත්තා මේ ආකාරයට තම දෙවන පුතා ද සැලසුම් සහගතව විදිලි උගුලකට හසුකර ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

සිය පුතා සමඟ කාලක සිට ආරවුලක් ඇති කරගෙන සිටි පියා සිය නිවසේ විදුලි රැහැන් යොදා විදුලිය කම්බි යොදවා මර උගුලක් සකස්කර තිබී ඇති බව පොලිස් විමර්ශන විලින් අනාවරණය වී ඇත.සැකකරුවන මරණ කරුගේ තාත්තා මාතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.මාතර පොලිසිය පොලිස් පරික්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *