ලිපි හා පාර්සල් ලක්‍ෂ 7 ක්‌ වර්ජනයෙන් තැපෑලේ හිරවෙයි

ලිපි හා පාර්සල් ලක්‍ෂ 7 ක්‌ වර්ජනයෙන් තැපෑලේ හිරවෙයි

තැපැල් වැඩ වර්ජනය හේතුවෙන් රට පුරා සියලු තැපැල් කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී ලිපි සහ පාර්සල් ලක්‍ෂ හතකට (7) අධික ප්‍රමාණයක්‌ තැපෑලේ සිරවී ඇතැයි තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් එච්. ඒ. කාරියවසම් මහතා පැවසිය
ප්‍රධාන ඉල්ලීම හතක්‌ මුල්කරගෙන 3 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ පැය 48 තැපැල් වර්ජනය සියයට 100 ක්‌ සාර්ථක බවද රට පුරා පිහිටි ප්‍රධාන තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල සියල්ල වසා දමා තැපැල් නිලධාරීන් සහ සේවකයින් වැඩ වර්ජනයට එක්‌ වී සිටින බවද පැවසීය.

මේ නිසා රට පුරා ලිපි සහ පාර්සල් බෙදා හැරීම විදේශ තැපෑල හරහා ලිපි සහ පාර්සල් යෑවීම සහ විදේශ රටවල සිට කටුනායක ගුවන්තොටුපළේ තැපැල් කාර්යාලයට ලැබෙන ලිපි සහ පාර්සල් බෙදා හැරීම සම්පූර්ණයෙන්ම නතර වී තිබෙන බවද ලේකම්වරයා කියා සිටියේය.

ආණ්‌ඩුව තැපැල් සේවක ඉල්ලීම් ලබාදීමට කඩිනමින් පියවර නොගතහොත් අඛණ්‌ඩ තැපැල් වර්ජනයක්‌ ආරම්භ කරන බවද කාරියවසම් මහතා පැවසීය.
දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *