ලාහෝරයේ ආරක්ෂාව ගැන සොයන්න ක්‍රිකට් නිළධාරින් පාකිස්තානයට

පාකිස්තානයේ ලාහෝර් නුවර ආරක්ෂක තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීමට  නිලධාරීන් දෙදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අද (25දා) පාකිස්තානයට පිටත් කර යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු යොදා තිබේ.

එම පරීක්ෂාවෙන් අනතුරුව එම කණ්ඩායම විසින් මෙම (29දා) ලාහෝර් නුවර පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා- පාකිස්තාන අවසන් පන්දුවාර 20 ක්‍රිකට් තරගයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීමට නියමිතය.

කෙසේ උවත් 29  පැවැත්වීමට නියමිත තරගය සදහා ගඩාෆි ක්‍රීඩාංගණය හොඳින් සූදානම් කර ඇතැයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *