ලංකාවේ 152 වන කොරෝනා ආසාදිතයා වාර්තා වෙයි
ලංකාවේ 152 වන කොරෝනා ආසාදිතයා වාර්තා වෙයි
අද(03) සවස කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙක් හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශ සමත්ව තිබේ.
ඒ අනුව මෙරටින් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 152 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
කෙසේ වෙතත් අද සවස 5.30 දක්වා ගතවු පැය 24 ක කාලය තුළ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
මේ අතර, ඊයේ(02) රාත්‍රීයේ කොරෝනා ආසාදිත සිව්වන මරණය වාර්තා විය.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 58 ක් වු පිරිමි පුද්ගලයෙක් වෙයි.
ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.
නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් මෙම පුද්ගලයා මියගොස් තිබේ.
ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් 24 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර, මිය ගිය සංඛ්‍යාව 4 ක් බවට පත්ව තිබේ.
උපුටා ගැනිම–අද දෙරණ