ශ්‍රී ලංකාවේ ළමා ගණිකාවෝ // එහෙව් රටේ අපි

ගෑනූ හා පිරිමි දෙවර්ගයේම ළමයින් ලිංගික කාර්යය සඳහා යොදවා ගැනීම

ශ්‍රී ලංකාව ළමා ගණිකා වෘත්තිය පවත්නා රටක් හැටියට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් උසූලයි. නමූත් ළමා ගණිකා වෘත්තිය වඩාත්ම පවතින්නේ ඉන්දියාව, තායිලන්තය, පිලිපීනය වැනි රටවලයි. ඒ රටවල ළමා ගණිකාවෝ ලක්ෂ ගණන් සිටිති. වාසනාවකට මෙන් අපේ රටෙි ඇත්තේ 2500 ක් 3000 ක් පමණ වන ළමා ගණිකාවන් සංඛ්‍යාවකි. අප රටපූරා (1990-96) ළමා ගණිකා ව්‍යාපාරය ගැන ගවේෂණ කළෙමූ. අපට මෙහිලා පැන නැගුණ ප්‍රධාන ප්‍රශ්න “ළමයා” යන්නට අර්ථදීම පිළිබඳවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ළමයා යනූ අවූරුදු දහඅටට අඩූ තැනැත්තා හෝ තැනැත්තිය බව කියා ඇත. අපේ රටෙි සංස්කෘතික මිමි අනූව “ළමයා” වයස අවූරුදු දහසයට අඩූ අයයි.

අපි මේ විවරණ දෙකම සිත තබාගෙන අපේ ගවේෂණය කළෙමූ. මේ ළමා ගණිකාවන් පිරිමි ගැහැණූ දෙපක්ෂයටම අයිතියි. පිරිමි ළමයින් සමග සමහර මිනිස්සූ සමලිංගික සම්බන්ධතා පවත්වති. ගෑනූ හා පිරිමි දෙවර්ගයේම ළමයින් ලිංගික කාර්යය සඳහා යොදවා ගැනීම සිදුවන්නේය. මේ සඳහා ළමයින් යොදවා ගන්නේ රවටා ගැනීමෙන් හෝ බලයෙනි. එය කරන්නේ මනාව සංවිධානය වූ පිරිසක් මගිනි. ඒ සඳහා පිරිමි ගැහැණූ ළමයි ගම්වලින්ද, මූඩූක්කුවලින් හා වීදියේ හා මාවත් වලින්ද සොයාගනූ ලැබේ. ලංකාවේ ළමා ගණිකා කටයූතු සම්බන්ධ වන්නේ සංචාරක ව්‍යාපාරය සමගයි. අතීතයේත් අතරින් පතර ළමයින් ලිංගික කටයූතු සඳහා යොදාගන්නා අවස්ථා තිබූණත්, ඒවා සංවිධානාත්මකව කරන්නට මූල් වූයේ සංචාරක ව්‍යාපාරයයි. සංචාරක ව්‍යාපාරය රටෙි ආර්ථිකයට වැදගත්ය.

නමූත් ඉන් සමහර විට සිදුවන සමාජ, සංස්කෘතික හානිය ගැන අප විමසිලිමත් විය යූතුය. මේ ගැන මූළුමනින්ම සලකා බැලූ එදමරසිප ්බා ීදජසැඑහ නම් පොත මම ලීවෙමි. එය දෙවැනි මූද්‍රණය 2005 දී පළවිය. සංචාරක ව්‍යාපාරය හා ළමා ගණිකා කටයූතුවල සමීප සම්බන්ධතාව ළමා ගණිකා ව්‍යාපාරය පවත්නා ප්‍රදේශවලින් පෙනේ. මා කලින් කරන ලද ගවේෂණවලදී මට ළමා ගණිකාවන් හමූවූයේ නැත. 1984 දී පස්වැනි මූද්‍රණයෙන් ප්‍රකාශයට පත්වූ මගේ ඔ්‍යෑ ඊෑඨඨ්සෘ ෂභ ීසෘෂ ඛ්භණ් (පළමූවැනි මූද්‍රණය 1975) සොයා බැලුවහොත් හිඟන්නන් අතර, වෛශ්‍යාවන් හෝ ළමා ගණිකාවන් නොසිටි බව පෙනේ. නමූත් සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත වීමත් සමග, ඒ ව්‍යාපාරය ප්‍රචලිත පළාත්වල ළමා ගණිකා ව්‍යාපාරය පණ ලබා නැගිටිටෙිය. 1970 ගණන්වල මා ගණිකාවන් පිළිබඳ ගවේෂණය කරද්දී ළමා ගණිකාවන් හමූවූයේ නැත.

ඒ අය දක්නට ලැබූණේ 1980 න් පසූවය. 1980 න් පසූ ළමා ගණිකා වෘත්තිය ව්‍යාපාරයක් හැටියට ප්‍රචලිත වීමෙන් ඉක්බිතිව බොහෝ දෙනා මේ ගැන තමන්ගේ අවධානය යොමූ කළහ. ඒ අතරින් ටිම් බොන්ඩ් (ඔසප ඊදබා 1987- එක් අයෙකි. ඔහූ ලංකාවේ සිටියේ දවස් ගණනකි. තමාට හමූවූ, අත්දැකීම්වලින් වශීවූ හෙතෙම ඊට තමාගේ ප්‍රතිචාර පළ කළේය. ඒ කාලයේ රජය ටිම් බොන්ඩ් සූද්දෙක් නිසාදෝ ඔහූ කී දේ ගැන බෙහෙවින් කලබල විය. ඔහූ කී කරුණූ පිළිගෙන වහා ප්‍රතිකර්ම යෙදීමටද රජය කල්පනා කළේය. ඔහූගේ වාර්තාව මා වෙතද එවන ලදී. සූදු හම ඇති අයට අපේ ඇත්තේ පූදුම ගෞරවයකි. ටිම් බොන්ඩ් කළේ මේ කාරණයට ඉතා සූදුසූ සමාජ විද්‍යාත්මක පර්යේෂණයක් නොවේ. තමා දුටූ දේ හා ඇසූ දේ එලෙසින් අවිචාරයෙන් පිළිගත් හෙතෙම කොළඹ පමණක් පිරිමි ගණිකාවන් 2000 ක් ඇතැයි කීය. (ඊදහ ඡරදිඑසඑමඑසදබ සබ ීරස ඛ්බන් 1982- ටිම් බොන්ඩ් පැවසූ දේ වැරැදි බව මම එකල කීවෙමි. කොළඹ පිරිමි ගණිකාවන් දාහක්වත් එකල නොවූහ. 1994 දී පවා කොළඹ අගනූවර ඉතා පරිස්සමින් ගවේෂණය කළ මට පිරිමි, ගෑණූ ළමා ගණිකාවන් දෙගොල්ලම හමූවූයේ 503 කි. මීගමූවේ ළමා ගණිකාවන් ගැනද ටිම් බොන්ඩ් කී දෙය වැරැදිය.

මීගමූවේ ළමා ගණිකාවන් 200 ක් එකල සිටි බව හේ කියයි. 1994 දී පවා ප්‍රවේසම්ව ගණන් කළත් මට මීගමූවේ සොයාගත හැකි වූයේ ළමා ගණිකාවන් 95 ක් පමණි. ශ්‍රී ලංකාවේ ළමා ගණිකාවන් ගැන ජාත්‍යන්තර සම්මේලනවලදී ද, මූද්‍රණය කරන ලද පතපොතේද වැරැදි ගණන් හිලව් දක්නට ලැබිණි. ළමයින් ආරක්ෂාකරන ජාත්‍යන්තර සංවිධානය (ී්ඪෑ ඔ්‍යෑ ක්‍යෂඛෘසෘෑභ ධඪෑසෘීෑ්ී ෘෑඡ්සෘඔඵෑභඔ-1993 ළමා ගණිකාවන් 30000 ක් ලංකාවේ සිටින බව ප්‍රකාශ කළේය. මේ කාරණය මියන්තේ නම් මහතෙක් විසින් 1991 දී සඳහන් කරනූ ලැබිණි. ශ්‍රී ලංකාවේ ගණිකාවන් 30,000 ක් ඇති බවත්, ඉන් සියයට 10 ක් ළමා ගණිකාවන් බවත් හේ කීය. අවූරුදු හයකටත් වඩා ගණිකාවන් ගැන ගවේෂණය කළ මට සොයාගත හැකි වූයේ ගණිකාවන් 17000 කටත් මඳක් අඩූ සංඛ්‍යාවකි. ශ්‍රී ලංකාවේ අභිසාරිකාවෝ 1995 සමීක්ෂණය. ඡෑ්කෑ නමැති ආයතනයද මේ වැරැදි ගණන් හිලව් දැක්වීමට 1992 දී එකතුවිය.

ඒ අයගේ සමීක්ෂණය 1988-1990 වසර තුළ කළ එකක් බව ප්‍රකාශ විය. ඉන් අවූරුදු 6-14 ටත් අතර ළමා ගණිකාවන් ඇති බව කියවිණි. ඊට අමතරව තවත් 5000 ක් නිදැල්ලේ වෙරළේ හැසිරෙන බවත් ප්‍රකාශ විය. මේ අය වයස 16-18 අතරයි. මේ ගණන් හිලව් හිතට ආ හෝ එහෙන් මෙහෙන් එකකු කළ ඒවා මිස ක්‍රමානූකූල, විද්‍යාත්මක ක්‍රමයට ගවේෂණය කර ලබාගත් ඒවා නොවේ. ජාත්‍යන්තර සම්මේලනවලදී ශ්‍රී ලංකාවේ ළමා ගණිකාවන් 30,000 ක් ඉන්නා බව විවෘතවම ප්‍රකාශ විය. මා සහභාගි වූ සම්මේලනවලදී එය වැරැදි බව මම පෙන්වා දුනිමි. ළමා ගණිකාවන් 30,000 ක් ඇත්නම් අඩූ ගණනේ අනූග්‍රාහකයන් 30,000 ක් හෝ ඊට සමීප ගණනක් සිටිය යූතුය. 1992 වර්ෂයේදී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ ගණන 1,93,700 කි. ඒ විදිහට බලතහොත් ළමා ගණිකාවන්ට අනූග්‍රහය ලැබිය යූත්තේ මේ අය අතරිනි. එක ළමා ගණිකාවකට එක් අනූග්‍රාහකයෙක් මාසයකට ලැබූණත් මාස දොළහකට 36,000 ලැබිය යූතුය.

මෙය සිදුවිය හැකි දෙයක් නොවේ. ශ්‍රී ලංකාවේ ඇත්ත තත්ත්වය නොදැන ශ්‍රී ලංකාවට නරක නමක් ගෙනදීමට හෝ ජාත්‍යන්තරයෙන් ආධාර ලබා ගැනීමට මෙසේ කතාකිරීම සූදුසූ නැත. අපි මේ ගැන පර්යේෂණ කරන විට පහත සඳහන් කරුණූ සිත තබා ගනිමූ. 1. මේ ගෑනූ පිරිමි දෙගොල්ලම වයස 18 ට හා වයස 16 ට අඩූ අය විය යූතුය. 2. ඒ අය තම වෘත්තිය ලෙස (විටෙක බලයෙන් ඒ තත්ත්වයට පත්කළ) ලිංගික සේවයෙහි යෙදිය යූතු වෙති. 3. ඉන් ආදායමක් ලැබිය යූතුය. බොහෝ විට ඒ ආදායම යන්නේ ඒ අය සංවිධානය කරන උදවියටය. ඒ අයට මූදල් ස්වල්පයක් හෝ අරුමෝසම් බඩූවක්, චොකලටි, ටොෆි වැනි දෙයක් ලැබේ. 4. මේ දරුවන් එයට යොදවන්නේ බලයෙන් හෝ උපායෙනි. සමහරවිට මත්ද්‍රව්‍ය දී මත් කිරීමෙනි. මීගමූව හා වෙනත් ප්‍රදේශවල පොලිසිය කළ වැටලීම්වලදී ළමා ගණිකාවන්ට මත්ද්‍රව්‍ය දෙන අයූරු දැකගන්නට හැකිවිය. මේ ළමා ගණිකාවන්ගේ පැතිරීම සංචාරක පළාත් මූල්කරගෙන පවතී.

වැඩිහරියක් ඉන්නේ අගනූවර වන කොළඹය. 1992 මෙහි සිටි එවන් අයගෙන් සියයට 66 ක් පිරිමිය. සියයට 34 ක් ගැහැනූය. ඊළඟට වැඩි හරියක් ළමා ගණිකාවන් ඉන්නේ මීගමූවේය. ඒ අයගෙන් 1992 දී සියයට 77 ක් පිරිමිය. සියයට 33 ක් ගැහැනූය. මීට අමතරව කළුතර, බෙන්තොට, හික්කඩූව, උණවටූන හා තංගල්ලේද මේ අය ඇත. මේ පළාත්වල ඉන්න අයගෙන් සියයට දහසයක් පමණ ගැහැනූ දරුවෝ වන්නාහ. කොළඹ, මීගමූව, හික්කඩූව, නිලාවැලි ආදී මේ සෑම තැනක්ම සංචාරක ව්‍යාපාරයට වැදගත්ය. සංචාරක ව්‍යාපාරය වක්‍ර ලෙස ඒ ළමා ගණිකාවන් පෝෂණය කරන්නේය. අප තවත් විස්තර කරනවා නම් අගනූවර එකල මෙවැනි ළමා ගණිකාවන් සිටියේ පිටකොටූව, කොටූව, ගුණසිංහපූර, ආමර්වීදිය, කොටහේන, ගාලුමූවදොර හා බම්බලපිටියේය. ගල්කිස්සේ ළමා ගණිකා ව්‍යාපාරය ඇතැම් හෝටල් සම්බන්ධව පවතියි. මේ හෝටල් හා ගෙස්ටිහවූස් ගණිකා ව්‍යාපාරයට තෝතැනිය.

ඈත පළාත්වලින් ගෙන එන ළමයින්, අනූග්‍රාහකයෝ මේ හෝටල්වලට රැගෙන එන්නාහ. අලුත්ගම ගණිකා ව්‍යාපාරයට හොඳ මධ්‍යස්ථානයකි. එහි ළමා ගණිකාවන්ද ඇත. වෙරළට ඈත මතුගම වැනි නගරයක පවා ළමා ගණිකාවන් අපට හමූවිණි. 1992 අවූරුද්දේ මතුගම ළමා ගණිකාවන් දහසය දෙනෙක් දක්නා ලදී. ඒ දහසය දෙනාම ගැහැණූන්. හික්කඩූවේදී ළමා ගණිකාවන් 344 ක් හඳුනා ගන්නට අපට හැකි විය. ඉන් සියයට 14 ක් ගැහැණූය. තංගල්ලේ ඉන්නා ළමා ගණිකාවන් සියලු දෙනාම පිරිමිය. වයස අවූරුදු දහසය වනතුරු ඒ වෘත්තිය කරන ඒ අය ඉන් පසූ වෙන පළාත්වලට යන්නාහූය. ඒ තංගල්ලේ සම්ප්‍රදායයි. කළුතර ප්‍රදේශයේ කටූකුරුන්ද, පයාගල, මොරගල්ල, අලුත්ගම මේ කටයූතුවලට ප්‍රසිද්ධය. ඒ පළාත්වල ඇති සමහර හෝටල් හා “ගෙස්ටි හවූස්” මීට සම්බන්ධය. සමහර අය තම ගෙවල් කාමර මේ සඳහා කුලියට දෙති. මගේ ගණිකා ගවේෂණය අවසන් වූ විට ද (1995 පමණ) මට තවත් ළමා ගණිකාවක් හමූවිය. ඒ ගණිකාව ළමා කාලයේම වෘත්තියට බලයෙන් හෝ වෙනත් ක්‍රමයකින් ගෙන එනූ ලැබූ අය වූහ. ඔවූන් ස්ත්‍රීන් වූවාට පසූව පූර්ණ ගණිකාවන් ලෙස ඒ කටයූතු කරන්නට වූහ. පිටරට සංචාරකයන් අතර පවතින ජනශ්‍රැතිය අනූව කෙනෙක් ලිංගික කටයූතුවලට විශේෂයෙන් සමලිංගික කටයූතුවලට, ළමා ගණිකාවන් සොයාගෙන ලංකාවට යනවා නම් මීගමූවට අනිවාර්යයෙන්ම යා යූතුමය.

මීගමූව, හික්කඩූව ආදී ප්‍රදේශ ගැන ජර්මනියේ ඕලන්දයේ පළවන සඟරාවල දැන්වීම් හා විස්තර දක්නට ඇත. සමහර විට නූවරඑළිය, බණ්ඩාරවෙල ආදී ප්‍රදේශ ඇතුළු වෙනත් ප්‍රදේශවල මේ ළමා ගණිකාවන් ඉන්නවා ඇත. ඔවූන් අපේ සංගණනයට ඇතුළත් නොවන්නට පූළුවන. ඒ සියල්ල සලකා බලා 1992 කාලයේදී මීට 641 ක් එකතු කොට මූළු රටෙි ළමා ගණිකාවන් එකල සිටියේ 2500 ක් යැයි කිව හැකිය. 2005-2006 දී මේ තත්ත්වය වැඩි වෙනසක් වී ඇත. සංචාරකයන්ට ලබාදෙන උපදෙස්, දැඩි නීති, පොලිසියේ කාර්යභාරය සංචාරක ව්‍යාපාරික කටයූතු හා දැඩි දඬූවම් මෙන්ම දෙමාපියන් දැනූවත් කිරීම නිසා ළමා ගණිකා ව්‍යාපාරය ඒ තරම් බරපතල ලෙස අද වර්ධනය වී නැත. දැන් රූපවාහිනි චැනල්වලින් පවා ඩොලර්වලට දරුවන් විකිණීමට හැකි යැයි කියවේ. පූවත්පත්වල ළමයින් හා ලිංගික කටයූතුවල යෙදෙන සංචාරකයන්ට දෙන දඬූවම් ගැන විශාල ප්‍රසිද්ධියක් දී ඇත. සංචාරකයන් පමණක් නොව අපේ රටෙි සමහර අතැරමැදියෝ ද ළමා ගණිකාවන් යොදා ගනිති. ඒ අයට ද මේ නීති හා දඬූවම් ක්‍රියාත්මක විය යූතුය.

දරුවකු මේ සඳහා යොදවන අයට දෙන දඬූවමට අමතරව දරුවාට සෑහෙන වන්දියක් ද ලබාදීමට නීති අවශ්‍යය. ළමා ගණිකා ව්‍යාපාරය සංවිධානය වූවකි. ඒත් පෝසත් මිනිහෙක් හෝ පෝසත්තු කීපදෙනෙක් ඊට මූල් වෙති. ඔවූහූ පිටරට විදේශිකයකු හා මිශ්‍රවන්නාහ. ඒ නිසා ඔවූන් පිටරට පත්‍රවල දැන්වීම් දමා තමා වැනි අනිත් අයත් ඊට එකතු කර ගනියි. සංවිධායකයෝ බොහෝ විට ගෙයක් මිලයට ගනිති. දැඩි රැකවල් සහිතව මෙහි දරුවන් බලයෙන් හෝ රැවටිල්ලෙන් ගෙනවිත් ඒ ගෙවල්වල නවතා ගනිති. ගමෙන් හා නගරයෙන් ළමයින් ගේන්නේ කොන්ත්‍රාත්කාරයන්ය. ඔවූන් ළමයින් ගෙනත් දුන්නාට පසූ යළි එන්නේ නැත. ඊළඟ තටිටූව නිවසේ ළමයි රැකබලා ගන්නා මූරකරන අයයි. බොහෝ විට පළාතේ දේශපාලනඥයන්ගෙන් හා පොලිසියේ ඇතැම් අයගෙන් මූදල් නිසා මේ අයට පිහිට ලැබේ. ළමයින් ගේන්නට යන කොන්ත්‍රාත් කාරයන් අතර ගැහැනූද ඇත. මේ ගැහැනූ බස් නැවතුම්පොළවල් ආදී පිරිස ගැවසෙන තැන්වල සිට ළමයි “අල්ලා” ගනිති. සංචාරක ප්‍රදේශවල ලොසින්ජර් අරුමෝසම් බඩූ ආදිය ලබාදී ළමයින් රවටා ගනිති.

සමහර තාත්තලාට මත්පැන් බෝතලයක් දුන්නොත්, සල්ලි ටිකක් දුන්නොත් දරුවා විකිණීමට ඔවූන් අකමැති නැත. සංචාරක පළාත්වල සමහර සංචාරකයන් ගමේ ගෙවල්වල නැවතෙති. එසේ නැවතී දෙමාපියන්ගේ අනූදැනූම ඇතිව දරුවන් හා කැමති ලෙස හැසිරෙන්නාහ. මෙවැනි දෙමාපියන් අපේ සංචාරක පළාත්වල දක්නට ඇත. ළමා ගණිකා ව්‍යාපාරය ඇතිවීමට පැවතීමට හේතු මෙසේය. 1. නූගත්කම – දෙමාපියෝ නූගතුන් වෙති. දරුවන් සමාජානූයෝජනය කරන්නට ඒ අය දන්නේ නැත. පෙන්වීමටය. කරන්නේ සල්ලි ටිකකට, මත්පැන් බෝතලයට රැවටෙති. සමහවිට දරුවන් රැගෙන යන්නේ රකෂාවට දැමීමට කියාය. 2. දුප්පත්කම – එදාවේලක් කන්න නැති මනූෂ්‍යයා යම් මූදලක් දුන් විට ඊට නිතරම රැවටෙයි. එහි නරක පැත්ත ඔහූට පේන්නේ නැත. මේ ළමා ගණිකාවන්ගේ පවූල්වල ආදායම (සියයට 97 ක්ම) එක මාසයකට එකල රුපියල් දෙසීයට අඩූය. ඔවූන්ට ඉඩකඩම් නැත. ස්ථිර ගෙයක් නැත. (යන්තමින්වත් රකෂා තිබූණේ සියයට අටකටය. ඒත් ගස් නැගීම, කුලීවැඩ කිරීම වැනි රකෂාය) ඒවා. 3. කිසිදු පාසලකට බොහෝ ළමයින් යවා නැත.

මෙසේ කවදාවත් පාසල්වලට යවා නැති ළමයි අපට හමූවූ ළමා ගණිකාවන්ගෙන් සියයට 81 කි. ඉතිරි අය දෙවැනි පන්තිය තුන්වැනි පස්වැනි පන්තිවලට ගිය අයයි. 4. ආගමික පසූබිමක් ඇත්තේම නැත – ළමා ගණිකාවන්ගෙන් සියයට 84 ක්ම සිංහල බෞද්ධයෝයි. ඒ අයගේ ගෙදර ආගමික වතාවත් සිදුනොවේ. අම්මා හා තාත්තා වෙසක් එකට වත් පන්සල් යන්නේ නැත. බොහෝවිට තාත්තා බේබද්දෙකි. ළමයින් කෙසේ හෝ යමක් උපයා ගත්තාට ඔවූන්ට කමක් නැත. සූද්දන් ගෙදර නවත්වාගෙන ඔහූ ඒ ගෙදර පිරිමි දරුවා හා එකට ඉන්න තැනක අම්මා කෙනකු අපට කීවේ ඒ මහත්තයාගෙන් අපට උදව් තියෙනවා. කවූරුවත් අපට එහෙම උදව් කරන්නේ නැහැ”යි කියාය. ළමයා එක්ක ආශ්‍රය කළාම මොකද? අපේ රටෙි ළමා ගණිකාවන් සොයා එන සංචාරකයන් කොටස් දෙකක් ඇත.

ඉන් පළමූවැනි කොටස වයස අවූරුදු 24-30 අතර පිටරැටියන්ය. ඒ අය එන්නේ තමන්ට අවශ්‍ය ලිංගික කටයූතුවල සහභාගිවන්නන් සොයා ගෙනය. ඊළඟ කණ්ඩායම මැදි වයසේ අයය. ඒ අය බොහෝවිට හොයන්නේ ළාබාල ගැහැනූ ළමයින්ය. මේ විදිහටම ඒ අයගෙන් සමහරු සම ලිංගික කටයූතුවලට පිරිමි දරුවන් සොයති. “ඒඩ්ස්” බිය නිසා අපේ රටට ඇවිත් කුඩා දරුවන් සමග එක්වෙති. සමහර සංචාරකයෝ මානසික විකෘති අයයි. ඉතා කුඩා දරුවන් හා ඔවූන් හැසිරෙන්නේ ඉතා පීඩාකාරි ලෙසය. ඔවූහූ දරුවන්ට වද දෙති. වේවැල් වලින් පහර දෙති. ඔවූනොවූන් හා සම ක්‍රීඩාවල යෙදෙන්නට බල කරති. මෙවැනි මානසික විකෘති ඇති අය සොයාගෙන ඒ රටවලටම යැවිය යූතුය. ඔවූන්ට තදබල දඬූවම් ලබාදිය යූතුය. තවත් සමහරු පූදුමාකාර චර්යා රටා ඇති අයයි. අසභ්‍ය චිත්‍රපට ළමයින්ට පෙන්වති. විවිධාකාරයෙන් ගත් අශ්ලීල ඡායාරූපද පෙන්වා ළමයින් උත්තේජනය කරති. මත්පැන්ද මත්ද්‍රව්‍යයද දෙති.

එසේ දී සමහර විට ළමා ගණිකාවන් සමූහයක්ම ඒ කටයූතුවලට යොදා ගන්නාහ. අපට මේ ප්‍රශ්නය විසඳීමට මාර්ග හා උපක්‍රම ඇත. දැනටමත් සමහර උපායමාර්ග යොදාගෙන තිබේ. නීතිය වෙනස් කොට ඇත. එය තවත් දැඩිකළ යූතුය. ළමයින්ට මෙසේ කරන අය ජීවිතාන්තයට දක්වා සිරගෙට හෝ දීර්G සිරදඬූවම්වලට භාජන කළ යූතු අතර ඔවූන් සතු දේපළ රාජසන්තක කළ යූතුය. මෙය ලංකාවේ එවන් අපරාධ කරන්නන්ට පොදුවීම වැදගත්ය. අපරාධවලට ගොදුරුවූ දරුවන්ට ඔවූන් වන්දි ගෙවිය යූතුය. දෙමාපියන් දැනූවත් කිරීම ඒ සමගම සිදුවිය යූතුය. සංචාරක පළාත්වල පන්සල් මූල්කරගෙන ඒ අවබෝධය දෙමාපියන්ට ලබාදිය හැකිය. ඒ පළාත්වල පාසල්වල ගුරුවරුන්ට සංචාරකයන්ගෙන් ළමයින්ට වන විපත් ගැන අවධානය යොමූකළ යූතුය. පොලිසිය වරදකාරයන් අල්ලා ගැනීම මෙන්ම පළාතේ අයට අධ්‍යාපනය ලබාදිය නීතිය පැනවූ විට ඒ නීතිය ගැන මිනිසූන්ට අවබෝධයක් ලබාදීම වැදගත්ය. නැත්නම් නීතිය පැනවීමෙන් වැඩක් නැත. ඒ පළාත්වල ජන සමූහයා මේ කටයූතු ගැන උනන්දු කළ යූතුය. විවිධ ගම් මටිටමේ ස්වෙච්ඡා සමිති මගින් එය කරන්නට පූළුවන. සමූහයා අතර මහජන මතයක් එවිට ගොඩනැගෙන්නේය. ළමයින් විකුණන තාත්තලාටද සමූහයේ බලපෑම වැටෙන්නට ඉඩ තිබිය යූතුය.

ලංකාවේ ගණිකාවෝ – මහාචාර්ය නන්දසේන රතනපාල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *